*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

නේපාල – චීන දේශසිමාවට චීන සෙවණැල්ල

නේපාලය තම භූමියට චීන මැදිහත්වීම් කරන බවට චෝදනාවක් එල්ල කර යි. දෙරටේ හවුල් දේශසීමාව ඔස්සේ චීනය නේපාලයට ආක්‍රමණය කරන බවට ඔවුන් මෙසේ චෝදනා කරයි.

නේපාලයේ බටහිර දෙසින් පිහිටි හුම්ලා දිස්ත්‍රික්කයට චීනය අනවසරයෙන් ඇතුළු වී ඇති බවට කරන ලද ප්‍රකාශවලින් පසුව පසුගිය සැප්තැම්බර් මාසයේදී නේපාලය විසින් විශේෂ කමිටුවක් පත් කරන්නට විය. නමුත් නේපාල කත්මන්ඩු හි චීන තානාපති කාර්යාලය මෙවැනි කිසිදු තත්වයක් සිදුවී නොමැති බව ප්‍රතික්ෂේප කරයි.

නේපාලය සහ චීනය අතර මායිම හිමාල කඳුකරය දිගේ කිලෝමීටර 1,400 (සැතපුම් 870) පමණ දුරින් දිව යයි. එය 1960 ගණන්වල මුල් භාගයේදී දෙරට අතර අත්සන් කරන ලද ගිවිසුම් මාලාවක දක්වා ඇත. ඒවා බොහොමයක් දුෂ්කර දුරස්ථ, ළඟා වීමට අපහසු ප්‍රදේශයන්ය. නමුත් භූමියේ, මායිම කිලෝමීටර් වශයෙන් වෙන් කර ඇති කුළුණු දාමයකින් මායිම් කර ඇත.

නේපාල රජය හුම්ලා වෙත කාර්ය සාධක බලකායක් යැවීමට තීරණය කළේ චීන ආක්‍රමණයක් සිදුවිය හැකි බවට වාර්තා වීමෙන් පසුවය. සමහරු කියා සිටියේ චීනය නේපාල දේශ සීමාවේ ගොඩනැගිලි මාලාවක් ඉදිකර ඇති බවයි.

මෙම කාර්යය සාධක බලකාය පොලිසියේ සහ රජයේ නියෝජිතයන්ගෙන් සමන්විත විය.චීන ආරක්ෂක අංශවල නිරීක්ෂණ ක්‍රියාකාරකම් නේපාල දේශ සීමාවේ ලාලුංජොං නම් ස්ථානයක ආගමික කටයුතු සීමා කර ඇති බවට මෙම කණ්ඩායම සොයා ගෙන තිබේ.

හින්දු සහ බෞද්ධ යන දෙඅංශයේම පූජනීය ස්ථානයක් වන මෙම ස්ථානය චීනයේ මායිමට ඔබ්බෙන් පිහිටි කයිලාෂ් කන්දට සමීපව පිහිටා ඇති නිසා මෙම ප්‍රදේශය සාම්ප්‍රදායිකව වන්දනාකරුවන් සඳහා ප්‍රකට ස්ථානයකි.

චීනය නේපාල ගොවීන්ගේ තණබිම් සීමා කර ඇති බව ද ඔවුන් වාර්තාව කරයි. එම ප්‍රදේශයේම, චීනය සිය මායිම් කණුවක් වටා වැටක් ඉදිකරමින් සිටින අතර, දේශසීමාවේ නේපාල පැත්තේ ඇළක් සහ මාර්ගයක් ඉදිකිරීමට උත්සාහ කරන බවද තහවුරු කරගෙන ඇත.

නේපාල ජාතිකයන් දේශසීමා ප්‍රශ්න ගැන කතා කිරීමට බොහෝ විට මැලිකමක් දක්වන බව අදාල විමර්ශන කණ්ඩායමට පෙනී ගියේ ඔවුන්ගෙන් සමහරක් මෙම දේශ සීමාව හරහා චීන වෙලඳපොලවල් වෙත අඛණ්ඩ ගණුදෙනුකාර ස්වභාවයක් පෙන්නුම් කරන නිසාවෙනි. චීන වෙලදපොල ඔවුන්ට ශක්තියක්.

ඓතිහාසිකව, වන්දනාකරුවන් සහ වෙළඳුන් ඇතුළු සමහර නිල නොවන දේශසීමා ගමනාගමනය පැවතිම සිදු වන එක චිනය සිය ආක්ෂාවට තර්ජනයක් ලෙස හදුනාගන්නට ඇත. එනිසා නේපාල දේශ සිමා සම්බන්ධ පවතින ලිහිල් ස්වභාවය පාලනය කිරිමට ඔවුන් උත්සහ දරනු ඇත.

දේශ සීමාවේ චීන පැත්තේ කලාපය ටිබෙටය වන අතර, බෙයිජිං හි මර්දනකාරි පාලන‍යෙන් බේරීමට බොහෝ මිනිසුන් මෙම සිමිවෙන් පලා ගොස් ඇත.

20,000ක් පමණ ටිබෙට් සරණාගතයින් නේපාලයේ ජීවත් වෙති. අනෙක් අය ඉන්දියාවට සහ වෙනත් තැන්වලට සංක්‍රමණය වී තිබේ.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan