සැඟවුණු චරිතය එළියට ගන්න – තිස්සකුට්ටි ජනපතිගෙන් දරදඬු පාලනයක් ඉල්ලයි

පසුගිය ජනාධිපතිවරණයේදී රටේ බහුතර ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් දරදඬු පාලනයක්, හිට්ලර් වැනි පාලනයක් ඉල්ලා සිටි බවත් කෙසේ නමුත් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීම සඳහාත්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙනයෑම සඳහාත් ජනාධිපතිවරයා ඉතා නිහතමානී පාලනයක් ගෙනයන බවත් පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චි මහතා ප්‍රකාශ කරනවා.

ජනාධිපතිවරයාගේ නිහතමානී පාලනය හේතුවෙන් ඇතැම් ගැටලු විසඳීමේ නොහැකියාවක් පවතින බැවින් කෙටි කලකට හෝ දරදඬු පාලනයක් ගෙන යන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඊයේ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ඉල්ලා සිටි බවද මන්ත්‍රීවරයා පවසනවා. ආසියාතික රටක් ලෙස රටේ නායකයාගෙන් ඉතා තද, දැඩි පාලනයක් බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරනවා.

මෙතෙක් කිසිදු නායකයෙකු අත නොගැසූ ඉතා බැරෑරුම් ව්‍යාපෘතියක් වන කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීම සඳහා ජනාධිපතිවරයා නොබියව ඉදිරිපත් වූ බව පෙන්වා දෙන තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා පවසන්නේ ජනාධිපතිවරයා එම ව්‍යාපෘතිය ආරම්භ කළේ චෝදනා අපවාද එල්ල වන බව දැන දැනම බවයි. කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීම හරහා කන්න දෙකක් තුනක් යනතෙක් අස්වැන්නේ යම් අඩුවක් සිදුවන බව කලින්ම උපකල්පනය කළ බවත්, අස්වැන්න අඩුවන සියලු ගොවීන්ට වන්දි ලබාදීමට තීරණය කර ඇති බවත් ඔහු පවසනවා.

තවත් කන්න දෙක තුනක් යනවිට ජනාධිපතිවරයාගේ බුද්ධිමත් තීරණයේ ප්‍රතිලාභ රටේ සියලුදෙනාට භුක්ති විඳීමට අවස්ථාව හිමිවන බවද තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...