ලෝකය 1.5C සිමාව පසු කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 08,

ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝලීය උණුසුම ඉහළ යාම සෙල්සියස් අංශක 1.5 (ෆැරන්හයිට් අංශක 2.7) සිමාව ඉක්මවා ගොස් ඇති බව යුරෝපා සංගමයේ දේශගුණික සේවය නිවේදනය කර තිබේ.

දිගුකාලීන උෂ්ණත්වය ඉහළ යාම 1.5C දක්වා සීමා කිරීමට උත්සාහ කරන බවට ලෝක නායකයින් 200කට අධික පිරිසක් 2015 දී පැරිස් ගිවිසුම අත්සන් කළද එය ක්‍රියාත්මක නොවිය.

කාබන් විමෝචනය කපා හැරීම සඳහා හදිසි පියවර ගැනීම තවමත් මන්දගාමී වීම හේතුවෙන් කුණාටු, නියඟය සහ ලැව්ගිනි, දේශගුණික විපර්යාස ලෙස පෘථිවියට පහර දුන් අතර, නැගෙනහිර පැසිෆික් සාගරයේ මතුපිට ජලය උණුසුම් කරන එල්නිනෝ කාලගුණ සංසිද්ධි අත්දැකීමට සිදු වූ අතර 2023 වසර පෘථිවියේ උණුසුම්ම වසර බවට පත් කළේය.

මේ සම්බන්ධයෙන් විද්‍යාඥයින් පවසා ඇත්තේ පැරිස් සම්මුතියේ ඉලක්කය තවදුරටත් යථාර්ථවාදීව ඉටු කළ නොහැකි නමුත් ඉලක්කය ඉක්මවා යාම සීමා කිරීම සඳහා කාබන් ඩයොක්සයිඩ් (CO2) විමෝචනය අඩු කිරීමට වේගවත්ව ක්‍රියා කරන ලෙස රජයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් කොපර්නිකස් හි නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්තා බර්ගස් ප්‍රකාශ කර තිබුණේ, මානව ක්‍රියාකාරකම් පාලනය කර හදිසි පියවරක් නොගතහොත්, ඉදිරි දශක කිහිපය තුළ උෂ්ණත්වය දිගටම ඉහළ යනු ඇති බවත්, හරිතාගාර වායු විමෝචනය සීඝ්‍රයෙන් අඩු කිරීම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නැවැත්වීමට ඇති එකම ක්‍රමය බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...