*
Wednesday, November 6, 2024
spot_img

Latest Posts

දඹුල්ලේ ක්‍රිකට්වල අලුත් පාට

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 08 කොළඹ (LNW): දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නවීකරණය කර විවෘත කිරීම සිඳු වූයේ ජනාධිපතිවරයා අතින්ය.එය දේශපාලනිකව එකඟ විය හැකි නොහැකි කම් කුමක් වුවත් එය ක්‍රිකට්වලට වැදගත් වීම ගැන සළකා බැලීම වඩාත් වටින්නේය.


එයට ඇතුළත් වුණු නව අංග මොනවාද යන්න විමසීම එහිදී වැදගත්ම කාරණය වන්නේය.මෙහි ඇතුළත් වී ඇති ජල චිකිත්සකාගාරය එහිදී අතශයින් වැදගත්ය.භෞත චිකිත්සක ප්‍රථිකාර ක්‍රමවලදී ජලය භාවිතයට ගෙන ප්‍රතිකාර ක්‍රමයක් වන භෞත චිකිත්සක ක්‍රමයක් වෙනුවෙන් සකස් කරන චිකිත්සාගාරය දඹුල්ල උතුර,උතුරු මැද මෙන්ම වයඹ පළාත්වල ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට පමණක් නොව එහ පළාත්වල ක්‍රීඩකයින් ආබාධවලට ලක් වූ විට ද ප්‍රයෝජනයට ගත හැකි චිකිත්සකාගාරයකි.


ඒ ආකාරයටම ආබාධ සුව කිරීමට මෙන්ම ආබාධ ඇති නොවීමටත්,ශක්තිය සහ දරා ගැනීම වර්ධනය කර ගැනීමටත් ව්‍යායාම ලෙස පිහිණිමට ඇති ඉඩ වෙනුවෙන් ඉදි වී ඇති නව පිහිණුම් තටාගය ද අගය කළ යුතු එකතුවකි.ඒවා ප්‍රදර්ශන භාණ්ඩ නොවී මේ ක්‍රීඩාංගණය පාදක කරගෙන ගොඩ නඟන්නට සහ දියුණු කරන්නට හදන දිස්ත්‍රික් තුනේ ක්‍රීඩාවේ දක්ෂයන්ගේ හෙට දවස වෙනුවෙන් එලෙන පාවඩ විය යුතුමය.
ලෙඩ් ආලෝක පද්ධති මේ වන විට ලෝකයේ ක්‍රිඩාවන් ආක්‍රමණය කරමින් ඇත.නූතණ ක්‍රීඩාවේ ඇති දියුණුවේ ලක්ෂණ ඇතුළට ක්‍රීඩාවේ තාක්ෂණයට උපකාර ගත හැකි මට්ටමට ලෙඩ් ආලෝක පද්ධති වැඩී ඇත.විශේෂයෙන් මලල ක්‍රීඩා ජාත්‍යන්තර ඉසව්වල දුර දිවීමේ වාර්තාවන් අසාමාන්‍ය ලෙස බිඳ වැටීමට ඇතුල් ධාවන පථයේ සකස් කර තිබෙන ලෙඩ් ආලෝක පද්ධති පවතින වාර්තා අභිබවා යා හැකි අන්දමට චලනය වීමට සකස් කර වාර්තා බිඳ දැමීමට උපකාර කරන බවක් හඳුනාගෙන ඇත.


විශේෂ අවස්ථාවක දී ලෙඩ් ආලෝක කිරණවලින් රටා මැවීමේ අලංකාරත්වය මෙන්ම විශේෂයෙන් එහි ඇති සෞඛ්‍යමට හිතකර බව ගැන ලෝකය අවධානය කර ඇත. LED ආලෝක පද්ධතිවල බලශක්ති පරිභෝජනය අඩු වීම නිසා කාබන් විමෝචනය අඩු වීම පරිසර සංරක්ෂණ ක්‍රියාවක් ලෙස සෞඛ්‍යමය වශයෙන් සැළකීම ද මෙම ආලෝක පද්ධති ක්‍රීඩාව හා පෑහීමට තවත් හේතුවක් වී ඇත.
සාම්ප්රදායික ආලෝක පද්ධතිවලට සාපේක්ෂව දිගු ආයු කාලයක් ඇති බැවින්, නිතර නිතර ආදේශ කිරීම් අනවශ්‍යය වීම සහ පාරිසරික බලපෑම අවම කිරීමේ කොටසක් හැටියට ද සළකා ප්‍රයෝජනයට ගනු ලැබේ. සාම්ප්‍රදායික ආලෝක පද්ධති වලට සමාන ආලෝක ප්‍රමාණයක් නිපදවීම ඉතා අඩු ශක්තියකින් කළ හැකිවීමේ සිට ක්‍රීඩාංගණවල කාබන් පිටවීමේ අවම තත්ත්වය ද පමණක් නොව මෙම ලෙඩ් සංස්කෘතියට අනුගතවන ක්‍රිඩාංගණ පාලකයන්ට මෙහෙයුම් පිරිවැයද අඩුවෙන් දරන්න වීමද වැඩි පිරිසක් ක්‍රීඩාන කරා ලෙඩ් ආලෝක පද්ධදති ගෙන ඒමට හේතුවක්ය.


කෙසේ නමුත් මේ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගත් පළාත්වල ක්‍රිකට් ක්‍රීඩාවේ ශිල්පීය දක්ෂතාවයන් ගොඩ නැඟීමට සහ සෞඛ්‍යමය ගැටළු නිරාකරණය කිරීමටත්,සෞඛ්‍ය ගැටළු අවම කිරීමටත් දඹුල්ල යොදා ගන්නා ප්‍රමාණයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට දඹුල්ල අතිශයින් වැදගත් සාධකයක් වනු නිසැකය.එසේම ප්‍රේක්ෂකයා යන බෞද්ධ උපාසකයා නොවන බව තේරුම් ගැනීමට එහි එක් අන්තයක බලපෑම වී සිටින දඹුලු විහාරාධිපති හිමියන් ද සිතන්නේනම් මේ ක්‍රීඩාංගණය ක්‍රිකට් සමඟ සංචාරක කේෂ්ත්‍රයේ ප්‍රවර්ධනයට ද යම් තල්ලුවක් දිය හැකි ස්ථානයක් වනු ඇත.පුරා විද්‍යා වටිනාකම් සහිත තැන් සඳහා යන අතරමඟ පිහිටි තවත් එවැනිම පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත නගරයක පිහිටි ක්‍රීඩාංගණය ගැන, උන් වහන්සේ නගර වැසියන්ගේ සහ ගම්වැසියන්ගේ ජීවිතවල භෞතික වටිනාකම්වලට වටිනාකමක් දෙන විදිහට යොදාගන්න ආකාරය සිතා බලන්නේනම් තව දුරටත් දඹුල්ල ගැන කතා රසවත් වෙනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan