*
Sunday, February 9, 2025
spot_img

Latest Posts

තේරීම් ගැන නොතේරෙන දේ…

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 09,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාව සිටින්නේ දෙවන ටෙස්ට් තරගයත් පරාදවීමට නියමිත තත්ත්වයකය.එය නොපැරදී සිටිය හැකි කාරණා ගැන සිතද්දී මුලින්ම සිහියට එන්නේ කාලගුණය ය.එසේ නොවන්නට මේ වන විට ලකුණු 54 ක් ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාව පරාජය කරන්න 200 ක පමණවත් ඉලක්කයක් ලබා දෙන්නට පිතිකරුවන් නැත.කඩුලු 8 ක් ම දැවී ගොස් අවසන්ය.විශ්වාසයට ගත හැති පිතකරුවෙකුට ඉතිරිව සිටින්නේ කුසල් මෙණ්ඩිස් පමණය.ඔහු හොඳ ඉණිමක් අවසන් පිතිකරුවන් දෙදෙනා ද රැක ගනිමින් ගොඩ නැඟිය යුතුව ඇත.


ඒ කෙසේ වෙතත් මේ පරාජයන් පිටුපස අදක්ෂතාවයම නොවන කරුණු තිබෙන බව පැහැදිළිය.පළමු තරගයේදී ලකුණු 600 ඉක්මවා යද්දිත් ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නට යොදා ගත්තේ පන්දු යවන්නන් හතරක් පමණි.අතිරේක පන්දු යවන්නන් ලෙස කමිඳු හෝ ධනංජය භාවිතාවට ගැණුනේ නැත.එය ඔවුන් සියයට සියයක් යහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වයක සිටියාද සැකය දනවන සිඳුවීමක්ය.එසේනම් ඔවුන් කණ්ඩායමට නම් කිරීම සම්බන්ධයෙන් විශාල වරදක් සිඳු වි ඇත.


ඔවුන් දෙවන තරගයේදී පන්දු යැවීය.එයින් යම් තරගයේ පරිසරයට බලපෑමක් ද කළ හැකි විය.පළමු තරගයේදී අසිත ප්‍රනාන්දු ද දෙවන තරගයේදී ලහිරු කුමාර ද යොදා ගැනීම පන්දු යැවීමට කෙනෙක් යොදා ගැනීමක් පමණක් විය.මෙවැනි තණතීරුවක වේග පන්දු යවන්නෙක් හැසිරිය යුතු ආකාරය මිචෙල් ස්ට්‍රැක්ගෙන් හෝ ඉගෙන ගන්නට තිබිණ.


එසේම මුල් ටෙස්ට් සංචිතයට නම් කළ දිනූෂ සොනාල් සිටියදී රොමේෂ් මෙණ්ඩිස් දෙවන ටෙස්ට් තරගයට කැදවීම සිතා ගන්නට අපහසුය.සොනාල්ට මුලදීම ටෙස්ට් තරගයක අවස්ථාවක් නොදීමේ තීරණයක සිට ඔහු සංචිතයේ හිඳුවා තබා අලුත් අය නම් කිරීමේ කීර්තිය පමණක් බලාපොරොත්තුවෙන් තේරීම් කමිටුව ගත් තීරණයක් බව පැහැදිළිය.වැන්ඩර්සේ දෙවන ටෙස්ට් තරගයට අහිමි වූ විට රොමේෂ් මෙණ්ඩිස් ආනයනය නොකර,පළමු අවස්ථාවේ හොඳම පිළ නම් කරානම් මේ තරගයට සොනාල් දිනූෂ වෙනුවට රොමේෂ් මෙණ්ඩිස් යෙදවීම සාධාරණ වන්නට තිබිණ.එහෙත් තේරීම් කමිටුව හෝ තරගයට කණ්ඩායම තෝරන්නට දායකවන්නන්,නම් කර තිබෙන සංචිතයේ තරග කිරීමට කිසිඳු අවස්ථාවක් නොදෙන ප්‍රදර්ශන භාණ්ඩ විදිහට පමණක් ඇතුළත් කර තිබෙන නම් ද ඇතුළත් කර තිබෙන බව වැන්ඩර්සේ වෙනුවට සොනාල් යොදවන්නේ නැතුව රොමේෂ් කැඳවීමෙන් පැහැදිළි වන්නේය.


මේ කාරණය අවශ්‍යයනම් ක්‍රීඩා ඇමතිවරයාට ඔහුට වගකීමට බැදී ඇති තේරිම් කමිටුවෙන් සුහදව හෝ විමසා සිටින්නට හැකියාව ඇත.මුලින්ම නම් කරන කණ්ඩායම නම් කරන්නේ එකළොස් දෙනෙක් තෝරා ගැනීමට සහ එම එකළොස් දෙනාගෙන් කෙනෙකුට යම් ගැටළුවක් ඇති වුවහොත්,නම් කරන සංචිතයේ ඊට ඇති හොඳම විකල්පය තබාගෙන විය යුතුය.එසේ නොවී පිටතින් ආයෝජනයක් සිඳුවන්නේනම් මුලින් සංචිතය කැඳවද්දී,අලුතින් කැඳවන ක්‍රීඩකයා නම් නොකර ඔහුට අසාධාරණයක් කර ඇත.එසේත් නැත්නම් මුල් කඳවුරේ සිටින ක්‍රීඩකයා නම් නොකර අලුතින් ක්‍රීඩකයෙක් කැඳවීමෙන් නම් කර සිටි ක්‍රීඩකයාට අසාධාරණයක් කර ඇත.එහි වැදගත්ම කොටස තේරීම් කමිටුව නම් කරන ප්‍රධාන සංචිතය සුදුසුම ක්‍රීඩකයන්ගෙන් නම් නොකර අතිරේක ක්‍රීඩකයින් ලෙස බංකුවේ තැබීම ස්ථීර කර පත් කරන අයද ඇතුළත්ව පත් කරන බව පැහැදිළිවීමය.


එසේම අවස්ථා ගණනකදි කමිඳු මෙණ්ඩිස් හැම එකටම යොදා විනාශ නොකරන ලෙස කී කතාවන් දැන් දැන් ඇත්ත වෙන තත්ත්වයට පත් වෙමින් ඇත.ඔහුගේ ටෙස්ට් අනන්‍යතාවය යම් ආකාරයකට දියාරු වෙමින් තරග රටා කිහිපයක කලවමින් අන්ද මන්ද වි තිබෙන බවක් දැකිය හැකිය.ඒ නිසා කමිඳු ටෙස්ට් හා එක්දින ව්‍යහුය ඇතුළේ පමණක් භාවිතයට නොගත්තොත් රටට ඉතාමත් පලදායී දුර්ලභ ක්‍රීඩකයෙකු අහිමි වීමේ අවදානමක් පවතින බව කිව යුතුය.


නිසි පරිදි පැවරෙන වගකීම කා අතින් හෝ ගිලිහී ගිය විට එහි වගකීම සහ දොස් සියල්ල පැටවෙන්නේ ක්‍රිකට් පරිපාලනය මතය.දැනටත් ශම්මිගේ කණ්ඩායම ලෙස මේ පරාජයන් හී වගකීම අවසාන 11 සහ තරගාවලියේ ක්‍රීඩක සංචිතය නම් කිරීමේ සහ අනුමත කිරීමේ කාර්යයට අදාළ නැති ක්‍රිකට් ආයතනය වෙත පැටවෙමින් ඇත.ඒ ආකාරයෙන් බලන කළ තේරිම් කමිටුවලට සහ කණ්ඩායම තේරිමට දායකවන සියල්ලටම ක්‍රීඩා පිටියේ පමණක් නොව,ක්‍රීඩා පිටියෙන් පිටත පරිපාලනයද විනාශ කර දැමීමේ හැකියාවක් පවතින්නේය.ඒවා තීරණය වන්නේ රටේ කීර්තිය සම්බන්ධයෙන් තමන්ගේ හාද සාක්ෂියට අනුවය.ඒ නිසාම මෙවැනි කරුණු ගැන සාකච්ඡාවක් කිරීමට තර්කමය පසුබිමක් ඇති නිසා සියලු පාර්ශව ඇමතිවරයා රාජ්‍යෙය් ක්‍රීඩාවේ පෞරුෂය රැක ගැනීමක් විදිහට සිතන හැටියට ක්‍රීඩා අමාත්‍යංශයට කැඳවා හෝ සාකච්ඡා කළ යුතුව ඇත.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan