පිරිසිදු ක්‍රිකට් ගැන කතා කරන අපිරිසිදු එතනෝල්කාරයා ?

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මාර්තු 31 වෙනිදා පවත්වන්න නියමිතයි. ඒත් එක්කම ක්‍රිකට් පරිපාලනය ගැන ආයෙත් යම් කතාබහක් සමාජයේ ඇතිවෙලා තියෙනවා.

ඔය අතරේ පහුගිය දවසක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පාර්ලිමේන්තුවේ බොහොම දීර්ඝ කතාවක් කළා ක්‍රිකට් පරිපාලනය පිරිසිදු කරන්න ඕනෑය කියමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ෂම්මි සිල්වාට යළි තරග කරන්න අවස්ථාව නොදිය යුතු බවක් තමයි ඔහු එහිදී කිව්වේ. ආණ්ඩුව පැත්තට ඒ සම්බන්ධයෙන් යෝජනාවකුත් ඔහු ඉදිරිපත් කළා.

ඒත් හේෂාගේ ලණුව කන්න නම් ආණ්ඩුව කිසිම සූදානමක් නැහැයි කියලායි ආරංචිමාර්ග කියන්නේ. ඒ, ඔය හේෂා කියන හැටියට ක්‍රිකට් නිලවරණයට ආණ්ඩුව අතපොවන්න ගියොත් ආයෙත් වතාවක් ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පනවන්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පියවර ගන්න අවදානමක් තියෙන නිසා. හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ වැඩියෙන් දඟළන්න ගිහින් සිද්ධ වුණේ ඕක. මොකද ක්‍රිකට් දේශපාලනීකරණයට එරෙහිව ICCය දැඩි ස්ථාවරයක ඉන්නවා. ඉතින් ඕකට අත තියන්න යන්න මාලිමා ආණ්ඩුවට කිසිම වුවමනාවක් නැහැ.

ඔහොම වටපිටාවක හේෂා මේ මුට්ටිය දාලා බැලුවේ කාගේ වුවමනාව අනුවද කියන එකත් ප්‍රශ්නයක්. ආරංචියේ හැටියට නම් සියල්ලට ඉහළින් ඉන්නවාය කියාගන්නා මාධ්‍ය ආයතනයක සහ ක්‍රිකට් ලොකු පුටුවට එන්න බලාගෙන ඉන්න තවත් පාර්ශ්වයකගේ වුවමනාවට තමයි ලු වැඩේ කෙරිලා තියෙන්නෙ.

පිරිසිදු ක්‍රිකට් ගැන බොහෝම උනන්දුවෙන් කතා කරන එක්කෙනාට එතනෝල් ජාවාරම් ගැන චෝදනාවකුත් තියෙනවා කියලා කතාවක් යනවා. ඕනෙම නම් ඒක ගැනත් වැඩි විස්තර හෙමීට කතා කරගන්න පුළුවන් ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළොන්නාව සභාවේ මාලිමාවට සහය දැක්වූ සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ සභාපති සහ උප සභාපති පත්කිරීමේදී...

කොළොන්නාවේ සභාපති පත්කරගැනීමත් උණුසුම් – සමඟි මන්ත්‍රීගේ සහයෙන් බලය මාලිමාවට!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව...

ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : ගාසා තීරයේ ආධාර...

ව්‍රායි වැඩ අරඹයි!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපතිනි ලෙස...