නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ (LNW):

2026 සිට ක්‍රියාත්මක කරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීම හා අදහස් ලබා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව යන අයතනයන්හි නිලධාරීන් සහ ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති කමිටු නියෝජිතයින් පිරිසක් සමග ඊයේ (08) අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක් පැවැත්වුණි.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කර සිටියේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් කිසිසේත් සෞන්දර්ය විෂයයන් සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය ඉවත් නොකරන බවයි.

මෙහිදී , අධ්‍යාපන ක්‍රමයේ පවතින දුර්වලතා මගහරවා ගනිමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන ආකාරය සහ මේ වනවිට ඒ වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කෙරුණි .

තවද විෂයමාලා ප්‍රතිශෝධනය සහ විෂය අන්තර්ගතය, අධ්‍යාපන හා පාසල්වල සිදුවිය යුතු යටිතල පහසුකම් සංවර්ධනය, ගුරු පුහුණුව සහ ආකල්ප සංවර්ධනය, අධ්‍යාපන, ක්ෂේත්‍රයේ සිදු විය යුතු වෘත්තීය සංවර්ධනය, ඇගයීම් ක්‍රමවේද ප්‍රතිසංස්කරණය, අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව ද සඳහන් වේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙිදී පුර්ව ළමාවිය සංවර්ධනය, ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීයික අධ්‍යාපනය, තෘතියික හා වෘත්තීය අධ්‍යාපනය යන අංශවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු ආකාරය පිලිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර පූර්ව ළමාවිය 1 ශ්‍රේණිය සිට 6 ශ්‍රේණිය දක්වාත්, 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වාත් 10 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත් අධ්‍යාපනයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් මෙහිදී කරුණු පැහැදිළි කර ඇත.

Transform education, transform Sri Lanka” තේමා කරගනිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම කෙරෙහි මෙහිදී සියලු දෙනාගේ එකඟතාවය පළ කෙරුණ බවද වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...