බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ, තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයකු සිංහරාජ පිවිසුමේ අනීතික ලෙස මැණික් පතලක් පවත්වාගෙන යන බවට සමාජ මාධ්‍ය ජාල තුළ අසත්‍ය පුවතක් පළ වී ඇති බව කියමිනි.
අදාළ අසත්‍ය පුවතින් කියන ආකාරයේ ව්‍යාපාරික මිතුරෙකු තමන්ට නැති බවත් මෙවන් අසත්‍ය පුවත් පළකිරීම නිසා පෞද්ගලිකව තමන්ට මෙන්ම රජය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිවලටත් අපකීර්තියක් සිදුව ඇති බවත් අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
ඒ අනුව අසත්‍ය තොරතුරු පළ කළ සියලු දෙනාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමන් පොලීසියට කළ පැමිණිල්ලෙහි සඳහන් කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.
නව රජය බලයට පත්ව ගතවූ කෙටි කාලය තුළ එහි මැති ඇමතිවරුන් ගණනාවක්ම තම තමන්ට සිදුවූ අපහාස සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර තිබෙනු දැකගත හැකිවිය. පොලීසිය භාර මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල, අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර, කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති, මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි, මන්ත්‍රී විජයසිරි බස්නායක, මන්ත්‍රීනී කෞශල්‍යා ආරියරත්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් යනාදීන් ඒ අතර වෙති.
මෙසේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට අපහාස සිදුවූ බවට කියන සිද්ධි විශාල ප්‍රමාණයක් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට සිදුව ඇති නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නම “අපහාස පරීක්ෂණ දෙපාර්තමේන්තුව” යනුවෙන් වෙනස් කරන්නට සිදුවේදැයි කතාබහක් පොලීසිය තුළම ඇතිවී තිබෙන බවත් ආරංචිමාර්ග පැවසීය.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2024/12/LNW-Newsroom-ad-at-the-bottom-Sin-20-1024x137.png)