ට්‍රම්ප් වෛද්‍ය පර්යේෂණ අරමුදල් බිලියන ගනනක් කපා හරියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් පුලුල් පිරිවැය ඉතිරි කිරීමේ ක්‍රියාමාර්ගවල කොටසක් ලෙස ජෛව වෛද්‍ය පර්යේෂණ සඳහා වන ප්‍රදානවල පොදු කාර්ය වලින් ඩොලර් ඩොලර් බිලියන හතරක (පවුම් බිලියන 3.2ක්) වියදමක් කපා හැර ඇති බව ජාතික සෞඛ්‍ය ආයතන (NIH)නිවේදනය කර තිබේ.

ලෝකයේ හොඳම වෛද්‍ය පර්යේෂණ එක්සත් ජනපදය සතුව තිබිය යුතු බවට සඳහන් කරමින් එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතන (NIH)සඳහන් කර තිබුණේ, මෙමඟින් ගොඩනැගිලි, උපයෝගිතා සහ උපකරණ වැනි පර්යේෂණවලට අදාළ වක්‍ර වියදම් සඳහා වන ප්‍රදාන කපා හරින බවයි.

ඒ අනුව, රජයේ වියදම් කප්පාදු කිරීමට ට්‍රම්ප් ඉඩ ලබා දී ඇති නිල නොවන වියදම් කැපීමේ කණ්ඩායමක් වන අලුතින් පිහිටුවන ලද රජයේ කාර්යක්ෂමතාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ (Doge) නායකයා වන Elon Musk – සමහර විශ්ව විද්‍යාල සියයට 30ට වඩා වියදම් කරන බව ප්‍රකශ කර ඇත.

කෙසේ නමුත්, මෙම කප්පාදුව කප්පාදුව වැදගත් වෛද්‍ය පර්යේෂණවලට බලපානු ඇතැයි විද්‍යාඥයන් කනස්සල්ල පළ කර ඇති අතර මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල සහ අධ්‍යයන වෛද්‍ය මධ්‍යස්ථාන නියෝජනය කරන රජයේ සබඳතා පිළිබඳ කවුන්සිලයේ සභාපති මැට් ඕවන්ස් සඳහන කර තිබුණේ, ඇමරිකාවේ තරඟකරුවන් මෙම ස්වයංව ඇතිකරගත් තුවාලය රස විඳිනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි

හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...

2024ට විතරක් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය දරා ඇති වැය බර මෙන්න!

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් සහ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස...

ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...