No Objection Certificate නැතුව අයිපීඑල් බැහැ

නිශ්මං රණසිංහ ,මාර්තු 21, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි ස්ථාවරයකට පිවිස මෙවර අයිපීඑල් තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයන් අනිවාර්ය ශාරීරික කාර්ය සාධන පරීක්ෂණය සාර්ථකව සමත්ව,සිය ශරීර යෝග්‍යතාවයේ අර්බූදයක් නැති බවට වන සහතිකය ලබා ගත යුතු බව දන්වා තිබෙනවා.එසේ ගැටළුවක් නොමැති බවට වන සහතිකය (No Objection Certificate) ලබා නොගෙන අයිපීඑල් සඳහා සහභාගිවීමට කිසිඳු ක්‍රීඩකයෙකුට අවසර නොලැබෙන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කර කියා තිබෙනවා.


මේ වන විට එම සහතිකය ලබා ගැනීම සඳහා වන පරීක්ෂණයට මුහුණ දී සාර්ථකය අවසන් කර ඇති පැතුම් නිශ්ශංක,කමිඳු මෙණ්ඩිස් සහ දුශ්මන්ත චමීරට එම අවසරය ලැබී තිබෙන බව වාර්තා වෙනවා.නුවන් තුෂාරට ද මේ යෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දී ලබා ගන්නා ප්‍රතිපලය අනුව අයිපීඑල් තරගාවලියට සුදුසුකම් ලබන්නේ ද නැද්ද යන්න තීරණය වෙනවා. එසේම මේ වන විටත් සිය ආබාධ තත්ත්වයෙන් මිදිම සඳහා වන ප්‍රථිකාරවලට මුහුණ දෙමින් සිටින වනිඳු හසරංග, එෂාන් මාලිංග සහ මතීෂ පතිරණ ද යෝග්‍යතා පරීක්ෂණය සඳහා මුහුණ දී නැති අතර ඔවුන් ඉදිරියේදී සිය සෞඛ්‍ය තත්ත්වය යහපත් බවට ප්‍රතිකාරකිරීම්වලින් ලැබෙන සුවයත් සමඟ ඉල්ලා සිටිනු ඇතයි බලාපොරොත්තු වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...