ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ජපානයේ මන්ත්‍රී මණ්ඩල බලය ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වූ පාර්ලමේන්තු මැතිවරණයෙන් අගමැති අගමැති සානේ ටකයිචිගේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) පක්ෂය ඉතිහාසයේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, සාමාජිකයින් 465 දෙනෙකුගෙන් යුත් පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 352 ක් දිනා ගැනීමට පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) සමත්වී ඇති අතර ටකයිචි දැන් ආසනවලින් තුනෙන් දෙකක සුපිරි බහුතරයක් ඇති අතර, ඇයට ඉහළ මන්ත්‍රී මණ්ඩලය අභිබවා යා හැකිය.

පසුගිය සරත් සෘතුවේ දී ජපානයේ පළමු කාන්තා අගමැතිනිය බවට පත්වීමෙන් ටික කලකට පසු හදිසි මැතිවරණයක් කැඳවූ 64 හැවිරිදි ඇය, තම සන්ධානයට ඡන්දයෙන් සරල බහුතරයක් ලබා ගැනීමට අපොහොසත් වුවහොත් ඉල්ලා අස්වන බවට සඳහන් කර තිබුණි.

ටකයිච්ගේ මැතිවරණ ජයග්‍රහණත් සමඟ අද(09) උදෑසන වන විට ජපන් කොටස් මිල ඉහළ ගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...

මෙණ්ඩිස් අති විශේෂ කිරීමට කුසල්ට සහ කමිඳුට හැකි වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෑත කාලය ශ්‍රී ලංකා...