මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

Date:

ලබන 11 වන දින මැතිවරණ කොමිෂන් සභාව විසින් දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කැඳවීමක් කර ඇති බව වාර්තා වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයට අදාළව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා එම කැඳවීම සිදුකර ඇති බවයි.

මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදුකිරීමට බලාපොරොත්තු වේ.

තවද මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ පළාත් පාලන මැතිවරණයට පෙබරවාරි මාසයේ වියදම් සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සිදුකළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බවයි.

භාපති නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ, මැතිවරණ කටයුතු සඳහා රුපියල් මිලියන 770ක පමණ මුදලක් පෙබරවාරි මාසය සඳහා අවශ්‍ය බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන් අතර අදාළ දැනුම්දීම සම්බන්ධයෙන් මෙතෙක් මුදල් අමාත්‍යාංශයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...