දුප්පත් ජනතාව ලක්ෂ 34 කට වම් අතින් සමෘද්ධි සහනාධාරය දී දකුණු අතින් විදුලි සහනය උදුරා ගන්නවා – පාඨලී චම්පික රණවක

Date:

මහජන උපයෝගීතා කොමිසම ‘යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන උපදේශනය’ යන මැයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සමන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වූ විද්වත් දේශනයේදී හිටපු විදුලිබල අමාත්‍යවරයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පෙන්වා දෙන්නේ දුප්පත් ජනතාව ලක්ෂ 34 කට වම් අතින් සමෘද්ධි සහනාධාරය දී දකුණු අතින් විදුලි සහනය උදුරා ගන්නා බවයි. විදුලිබල මණ්ඩලය ඒකක 60 කට අඩු දුප්පත් පවුල් ලක්‍ෂ 34 ගලවා ගැනීම සඳහා ලෝක බැංකුව සමඟ කටයුතු කරමින් සිටියදී අනිත් පැත්තෙන් ගාස්තු සියයට 250 කින් වැඩි කිරීමට යෝජනා කරන බවත් රණවක මහතා පවසයි.

ඒකක 60 අඩුවෙන් භාවිතා කරන ලක්ෂ 34 ක විදුලි පාරිභෝගිකයා දුප්පත් ජනතාව යැයි සළකන්නැයි යෝජනා කළ බව කී රණවක මහතා ආර්ථික ස්ථායිකරණ කමිටුවේ එම යෝජනාව ගැසට් කර ඇති බව ද , වර්තමානයේ පවුල් ලක්ෂ 17 ක් සමෘද්ධි ලබන අතර තවත් ලක්ෂ 11 ක් සමෘද්ධිය ඉල්ලා ඇති මොහොතක ආණ්ඩුව දුගී දුප්පත් ජනතාවට වම් අතින් සහනාධාරය දී, දකුණු අතින් එය පිට්පොකට් ගහන බවත් භාණ්ඩාගාරය, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ප්‍රධාන බැංකු දෙක එක්ව ප්‍රශ්නය විසඳාගත යුතු බවද රණවක මහතා පවසයි .

තවද, පෞද්ගලික ව්‍යාපාරවලට මෙන්ම අනෙකුත් පිරිස්වලට රාජ්‍ය බැංකු සියයට 15 ක පැරණි පොලියට ණය ලබාදී, ලංකා විදුලිබල මණ්ඩලයට සියයට 34 ක පොලියකට ණය ලබාදීම තුළින් විදුලිබල මණ්ඩලය රටේ සියලු ප්‍රශ්න විසඳන තැනක් බවට පත්කර තිබීම වැරදි බවත් වියදම් පියවා ගැනීමට නැවත වතාවක් විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳව යෝජනා කීපයක් ලංකා විදුලිබල මණ්ඩලය සකස් කර ඇති බව ද කීවේය .

ලංකා විදුලිබල මණ්ඩලයට එහි වියදම කප්පාදු කිරීම ගැන යම්කිසි යෝජනාවලියක් ඉදිරිපත් කළ යුතු බව කී රණවක මහතා සඳහන් කළේ වියදමට සරිලන ආදායම ලෙස මණ්ඩලයේ තාක්ෂණික අකාර්යක්ෂමතාවයට, මුල්‍ය අකාර්යක්ෂමතාවයට සහ අනෙකුත් සියලුම ආකාරයේ ඇතිවන්නා වූ දූෂණ හෝ වෙනත් කාරණාවලට ප්‍රසම්පාදනයේදී ගෙවීමට සිදුවීම නිසා අනිවාර්යෙන්ම කාර්ය සාධන ක්‍රියාදාමයන් විදුලිබල මණ්ඩලය හඳුන්වා දිය යුතු බවත්ය.

තවදුරටත් ඒ මහතා පවසන්නේ දිනකට ගිගාවොට් පැයක ඉල්ලුමේ අඩුවක් බලාපොරොත්තුවෙන් තවත් ගිගාවොට් පැයක් අඩු කළ යුතු යැයි ලංකා විදුලිබල මණ්ඩලයට ඉලක්කයක් දිය යුතු බවත් වසරකට සියයට 4 කින් විදුලි ඉල්ලුම කළමනාකරණය කළ යුතු බවයි .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...