තුර්කියේ හා සිරියාවේ භූමිකම්පාව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 17,000ට ආසන්නයි; (Latest Updates)

Date:

පසුගිය සඳුදා දින භූමිකම්පාවට හසුවූ තුර්කියේ හා සිරියාවේ භූමිය එකම නටඹුන් ගොඩකි.

එහි වාර්තා වන මරණ සංඛ්‍යාවද විටෙන් විට ඉහළ යමින් තිබේ. මේ වන විට නිල මරණ සංඛ්‍යාව 16,000ට ආසන්න ලෙස වාර්තා වන අතර පවතින අධික ශිත කාළගුණය හා මාර්ග පද්ධතිය විනාශ වී යාම හේතුවෙන් ව්‍යසනයට පත්වූවන් වෙත ප්‍රවේශ වීමට සහන කණ්ඩායම් වලට අපහසුව ඇති බව කියැවේ.

මේ වන විට තුර්කියේ පුද්ගලයින් 12,873 ක් මිය ගොස් ඇති අතර 60,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට ආපදා කළමනාකරණ ඒජන්සිය වාර්තා වී ඇති අතර සිරියාවේ 4,127ක් මිය ගොස් 5,000 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. තවමත් පසු කම්පන තත්වයන් පවතින අතර තවත් ගොඩනැගිලි කඩා වැටීමේ නිරන්තර අවදානමක් පවතී.

දශකයකට වැඩි කාලයක් තුළ භූමිකම්පා හේතුවෙන් ලොව පුරා සිදු වූ විශාලතම මරණ සංඛ්‍යාව පසුගිය සඳුදා සිදු වූ භූමිකම්පාවෙන්යා වාර්තා වන අතර වයිටි හෙල්මට් මානුෂීය ආධාර සංවිධානය පවසන්නේ තවමත් සිරියාවේ කඩා වැටුණු ගොඩනැගිලියට සුන්බුන් තුළ බොහෝ දෙනා සිරවී සිටින බවයි. ඒ අනුව සෑම තත්පරයක්ම ජීවිතයක් බේරා ගැනීමක් වන බවයි.

භූමිකම්පාවෙන් දරුණු ලෙස පීඩාවට පත් උතුරු සිරියාවේ වසර 12ක් පමණ තිස්සේ සිවිල් යුද්ධයක් පැවැති හෙයින් කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින ප්‍රදේශවල මිලියන ගණනක් දෙනා වෙනුවෙන් යැවෙන පළමු මානුෂීය ආධාර පෙළ දකුණු තුර්කි දේශසීමාව වෙත ගමන් කර ඇති බව වාර්තා වේ.

භූමිකම්පාව හේතුවෙන් මාර්ග කැඩී බිඳී ගොස් ඇති බැවින් ආධාර ලබා දීම අතිශය දුෂ්කරව ඇති බව මානුෂීය ආධාර කණ්ඩායම් සඳහන් කර තිබේ. සිරියාවේ මේ සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධීකරණයක් නොතිබීම තත්වය වඩාත් නරක අතට පත්ව ඇත. මේ සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ සිරියාව බලා යන ආධාර ට්‍රක් රථ හයක් බාබ් අල්-හවා හරස් මාර්ගය හරහා ගමන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

භූමිකම්පාව හේතුවෙන් තුර්කියේ ගොඩනැගිලි 75,000ක් පමණ කඩා වැටී ඇති අතර මේ පිළිබඳ ඉංජිනේරුවන් ප්‍රකාශ කරන්නේ නියමිත ප්‍රමිතියෙන් තොරව මේවා ඉදිකිරීම හේතුවෙන් මරණ ප්‍රමාණය ඉහළ යාමට හේතු වූ බවයි. තුර්කියේ පුද්ගලයන් 17,000ක් මිය ගිය 2018 දී තුර්කියේ පෙර පැවති ව්‍යසනයන්ගෙන් පසුව ඉදිකිරීම් රෙගුලාසි දැඩි කරන ලදී. මේ පිළිබඳව සැළකිලිමත් නොවීම පිළීබඳව රජය පිළිබඳ මහජන කෝපය වර්ධනය වෙමින් ඇත.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙල්බද්දර පද්මේ හෙළි කල රහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : රැඳවුම් නියෝග මත...

ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යාංශයක් පත්කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

කොළඹ LNW:ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන...

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ...

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?