GMOA ඇතුළු වැඩවර්ජන, උද්ඝෝෂණ කරන අයට පොලු පූජාව දෙන්න කාලය හරි – තිස්සකුට්ටි (VIDEO)

0
447

මේ දිනවල වැඩවර්ජන සහ උද්ඝෝෂණ මෙහෙයවන සමන් රත්නප්‍රිය, රවී කුමුදේශ්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු ඇතුළු පිරිසට පොලු පූජාව දීමට කාලය එළඹ ඇතැයි තමන් ජනතාවට සිහිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.

“මේ දිනවල වැඩවර්ජනය කරන සෑම රාජ්‍ය සේවකයෙකුටම අපි බොහොම පැහැදිලිව මතක් කරනවා කරුණාකරලා මේ දුෂ්ඨ පාපතර ක්‍රියාවට ඔබේ සහයෝගය ලබාදෙන්න එපා. මේ මේක කීපදෙනෙකුගේ වුවමනාවක් විතරයි. දැන් බලන්න මේ උද්ඝෝෂණය කරන අය අතරේ ප්‍රමුඛස්ථානය දරන්නේ කවුද ? සමන් රත්නප්‍රිය, රවී කුමුදේශ්, ඒ වගේම ෂෙනාල් ප්‍රනාන්දු වෛද්‍යවරයා. ෂෙනාල් ප්‍රනාන්දු වෛද්‍යවරයා කියන්නෙ අපි නැගෙනහිර ජැටිය ගැන කතා කරනකොට අපේ ආණ්ඩුවට විරුද්ධව නැඟී සිටලා, විවිධ මතවාද ගෙනල්ලා, මේ ජනතාවගේ මොළය විකෘති කරලා, විවිධ මත ප්‍රකාශ කරපු පුද්ගලයෙක්. මේ සියලු දෙනාම ඉන්නේ දේශපාලන වැඩපිළිවෙලක. ඉතින් ඒ නිසා මම ආදරණීය රටේ ජනතාවටත් මතක් කරනවා දැන් අනුර කුමාර දිසානායකටත් අනුන්ට කළ දේ තමන්ට පළ දේ කියන සංකල්පය තුළ ඉඳගෙන අනුර කුමාර දිසානායක මහත්මයාට බිත්තර පූජාව ලැබුණා. ඒ වගේම තමයි විජිත හේරත් සහෝදරයාට ගල් පූජාව ලැබුණා. ඒ නිසා මම රටේ ජනතාවට මතක් කරනවා දැන් මේ උද්ඝොෂණය කරන අයට පොලු පූජාව දෙන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නෙ”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා මේ බව පැවසුවේ ඊයේ (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහි ඇති හාස්‍යජනක තත්වය වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා දැඩි වෙහෙසක් ගෙන ක්‍රියා කළ ප්‍රධානතම වෘත්තීය සමිතියක් වීම ය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here