බුද්ධික පතිරණ ආසිරි වනිගරත්නගේ මල්ලිද ?

Date:

පසු ගිය පෙබරවාරි 06 වන දින අපොස.උ.පෙළ විභාග අපේක්ෂිත දරුවන් පිරිසක් වෙනුවෙන් බුද්ධික පතිරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගණ දෙවි පූජාවක් පවත්වනු අපි දුටුවෙමු. ඊට පෙර පසුගිය ජනවාරි 20 වනදාත් ඔහු එවැනිම පූජාවක් ශිෂ්‍යත්ව විභාග අපේක්ෂක දරුවන් වෙනුවෙන් පවත්වා තිබුණු අතර එහිදී විභාගය ලිවීම සඳහා මතුරන ලද පෑන් සහ ෆයිල් කවර ද එම දරුවන් අතර බෙදා දී තිබිණි.

දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ සැබෑ කැක්කුමක් ඇත්නම් කළයුතු වන්නේ විභාග ඉලක්ක කරගත් අධ්‍යාපන සම්මන්ත්‍රණ පැවැත්වීම හෝ විභාග අපේක්ෂකයින්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයකු ගෙන්වා එම සිසුන්ට අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම ලබාදීම ය. එසේ නොමැතිව ගණ දෙවි පූජා පැවැත්වීම යනු දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කිරීමේ පහන් චේතනාවෙන් නොව හුදෙක් දෙමව්පියන්ගේ ඡන්ද ගරාගැනීමේ තක්කඩි චේතනාවෙන් කරන ලද්දක් බව සක්සුදක් සේ පැහැදිලි ය.

මාතර වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු පැමිණි බුද්ධික පතිරණ මහතා මෙලෙස ජනතාව අතර මිත්‍යාව පැතිරවීම කිසිසේත්ම ජනතා නියෝජිතයකුගෙන් සිදු නොවිය යුත්තකි.

විශේෂයෙන්ම, ඔහුගේ පක්ෂයේ නායකයා වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට දුෂ්කර පාසල් වල දරුවන් වෙනුවෙන් පරිගණක, ඩිජිටල් පරිගණක පුවරු බෙදා දෙමින්, අධ්‍යාපනය ඩිජිටල්කරණ කිරීම පිළිබඳ කතා කරමින් යන අතරේ බුද්ධික පතිරණ තවත් පැත්තකින් මිත්‍යාව වපුරමින් අධ්‍යාපනය ගණදෙවිකරණය කරමින් යෑම බැලූ බැල්මට අහසට පොළව මෙන් ප්‍රතිපත්තීන්ය. ඇත්තෙන්ම බුද්ධික පතිරණ කරන්නේ සමගි ජන බලවේගයේ නායකයාගේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ ප්‍රතිපත්තියත් හාස්‍යයට සහ උපහාසයට ලක්කිරීම ය.

පාර්ලිමේන්තුව තුළ පවා ජාතික මට්ටමේ ප්‍රශ්න කොතෙකුත් තිබියදී බොහෝවිට රා ප්‍රශ්නයක් හෝ කංසා ප්‍රශ්නයක් ඇදෙගන සිංහල බෞද්ධ සරමෙන් කමිසයෙන් ගොඩයන බුද්ධික පතිරණලාට අමාත්‍යධූරයක් ලැබුන විට මොන විගඩමක් නටයිද දන්නේ ඔහුමය. වැරදීමකින් හෝ ඔහුට අනාගතයේ දවසක අධ්‍යාපන ඇමතිකම ලැබුණොත් නම් පාසල් පුරා ගණ දෙවි කෝවිල් අරින්නට නම් බැරි කමක් නැත.

අනෙක් අතට ගණ දෙවියන් ඔහු සමග මෙතරම් සමීප නම් සහ ගණ දෙවියන්ට විභාග සමත් කරවා දිය හැකි නම් ඔහු වෛද්‍ය පීඨයේ සිටින අවධියේ විභාග ටික ඉහළින්ම සමත් කර වෛද්‍යවරයෙකු බවට පත් කළ යුතුව තිබිණි. නමුත් එය එසේ සිදු නොවුණු අතර වෛද්‍ය අධ්‍යාපනයෙන් ඉවත් වුණු ඔහු අවසානයේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය හරහා දේශපාලනයට පැමිණියේ ය. ඔහු කෙසේ හෝ ගණ දෙවි පිහිටෙන් වෛද්‍යවරයෙකු වූවා නම් මේ යන ලෙසට කුප්‍රකට වෛද්‍ය පාදෙනියගේ දෙවැනියා වීමට ද ඉඩ තිබිණි.

රටේ නීති සම්පාදනය කරන ස්ථානය වන පාර්ලිමේන්තුවේ මෙවැනි මිත්‍යාදෘෂ්ටික තක්කඩියන් සිටීම ඛේදවාචකයකි. මන්ද මෙහි විපාක විදින්න වන්නේ මාතර ජනතාවට පමණක් නොව සමස්ත ලංකාවට මය.

මෑත ඉතිහාසයේදී ගණ දෙවියන්ව යාළු කර දියහැකි බව පවසමින් මුදල් ගැරූ ආසිරි වනිගරත්න නම් තක්කඩියෙකු ශ්‍රී ලාංකික අපට හමුවිය. දැන් අපට ඇති ප්‍රශ්නය වන්නේ බුද්ධික පතිරණ යනු ආසිරි වනිගරත්නගේ මල්ලීද යන්න ය.

SM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...