Greta Thunberg  ට්‍රම්ප්ගේ ඉරාන තර්ජන හෙළා දකියි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 08 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉරානයට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එල්ල කළ තර්ජනාත්මක ප්‍රකාශ , පරිසර ක්‍රියාකාරිනී ග්‍රේටා තන්බර්ග්ගේ දැඩි ලෙස විවේචනය කරයි.

සමස්ත ශිෂ්ටාචාරයක් විනාශ කරන බවට කළ ප්‍රකාශය හමුවේ ලෝකය දක්වන උදාසීනත්වය ඇයගේ දැඩි දෝෂාරෝපණයට ලක්ව ඇති අතර, ඇය මෙය ජන සංහාරයක් සාමාන්‍යකරණය කිරීමක් ලෙස හඳුන්වයි.

මීට අමතරව, විදේශීය මැදිහත්වීම් සහ යුද්ධය පිළිබඳව අමෙරිකාවේ තරුණ පරම්පරාව සහ වැඩිහිටියන් අතර පවතින මතවාදී පරතරය පිළිබඳව දත්ත සමඟ ඇය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම Z පරම්පරාව යුද්ධය කෙරෙහි වැඩි සැකයකින් සහ විරුද්ධත්වයකින් පසුවන බව විවිධ මත විමසුම් ඇසුරින් මෙහි පැහැදිලි කර ඇත.

තන්බර්ග්ගේ පලස්තීන හිතවාදී ක්‍රියාකාරීත්වය සහ මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳව ද පෙන්වා දෙයි.

යුදවාදී දේශපාලනය හමුවේ වත්මන් තරුණ ප්‍රජාව වඩාත් සාමකාමී සහ හුදකලා ප්‍රතිපත්තියක් අපේක්ෂා කරන බව ඇය පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...