බෙරගල හන්දියේ ව්‍යාපාරිකයන්ගෙන් දවසට 10000 ක් මංකොල්ල කන නඩයක්

Date:

බෙරගල හන්දියේ ඇති ව්‍යාපාරික ස්ථානවලින් දිනකට අවම වශයෙන් රුපියල් 10000 ක තරමේ බඩු භාහිරාදිය පැහැරගන්නා රිළවුන් රංචු නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.

රිළවුන් වෙසෙන කැළෑ ප්‍රදේශ ජනාවාසවීම මේ ආකාරයට මිනිසුන් ජීවත්වෙන ප්‍රදේශවලට රිළවුන් පැමිණීම සිදු වෙයි.ආහාර හිඟකම නිසා කුසගින්නට කඩවල් වලින් ආහාර සොරා ගැනීම නිතර සිඳුවන අතර එම තත්ත්වයෙන් මිදීමට ඇතැම් ව්‍යාපාරිකයන් කටු සහිත පොලු තබාගෙන සිටින බවක් ද දක්නට ලැබිණි.එවැනි මුඟුරු යොදා කරන පහරදීමකදී රිළවුන්ට ජීවිත හානිවීමට ඉඩ ඇති අතර තුවාල සිඳුවීමෙන් වේදනාවට පත්වන රිළවුන් වියරුවෙන් හැසිරීමට ඇති ඉඩ නිසා ඇතැම් විට මිනිස් – රිළා ගැටුමක් දක්වා මේ තත්ත්වය දුර දිග යාමේ අවදානමක් ද ඇත.

මෙම රිළා රංචුව කැළෑ පෙදෙසකට යොමු කිරීමට වගකිවයුතු අංශවල අවධානය යොමු නොවුණහොත් ඉදිරියේ දී මෙම තත්ත්වය බෙරගල පසුකර යන අයටද විශාල පීඩාකාරී තත්ත්වයක් විය හැකිය.

මෙම ඡායාරූපයේ සිටින එක් රිළවෙකු එළවළු කඩයකින් පැහැරගත් රාබු අල සහ කොළ කා දමන අයුරු දැකිය හැකිය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...

අල්ලස් ගැනීමට තැත් කිරීමේ චෝදනාවකට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු...