*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

පොහොර ඇතුව හරි නැතුව හරි වී මිල 100% කින් වැඩි කළා – ජනාධිපති

ජනාධිපතිවරණයට පෙර අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී පැවති පළමු මැතිවරණ රැළියේදී රසායනික පොහොර නොමිලේ ලබාදෙන බවටත් ගොවියාගේ වී අස්වැන්න සඳහා සහතික මිලක් ලබාදෙන බවත් පොරොන්දු වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද වනවිට පොහොර ඇතිව හෝ නැතිව හෝ ගොවි ජනතාවගේ ආදායම 100% කින් ඉහළ දැමීමට සමත් වී ඇති බවද ජනාධිපතිවරයා පවසනවා.

පොදුජන පෙරමුණ විසින් අද අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී සංවිධානය කළ ජනතා රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ වනවිට ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය පොහොර ලබා දී ඇති බවත්, වී සඳහා සහතික මිලක් ලබා දී ඇති බවත් පෙන්වා දෙන ජනාධිපතිවරයා පවසන්නේ එදා ගොවියා වෙනුවෙන් කිසිදු සහනයක් ලබා නොදුන් දේශපාලනඥයන්, රජයේ කාබනික වැඩපිළිවෙල විවේචනය කරමින් තමාටත් ආණ්ඩුවටත් විවිධ චෝදනා එල්ල කරන බවයි.

එපමණක් නොව ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවත්, ජාත්‍යන්තරය හමුවේ රට පාවාදීමට ගත් සියලු උත්සාහයන් පරාජය කර ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැළිය සඳහා පොදුජන පෙරමුණේ සාමාජිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan