ආයෝජන ගැටළු විසඳීම සඳහා වෙනම මහාධිකරණයක්!

Date:

මහා පරිමාණ ආයෝජන සහ විදේශ ආයෝජන පිළිබඳව මතුවන ගැටළු නිරාකරණය කිරීම සඳහා වෙනම මහාධිකරණයක් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ.

මෙවන් ආයෝජන කරුණු සම්බන්ධයෙන් පවතින නඩු අධිකරණය තුළ විභාග වීමේ ප්‍රමාදය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව, අධිකරණ අමාත්‍යාංශයේ විශේෂ ඒකකයක් යටතේ ක්‍රියාත්මක වන වාණිජ නීති ප්‍රතිසංස්කරණ අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා යටතේ “ආයෝජන ගැටළු පිළිබඳ මහාධිකරණ පනතක්” සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

රුපියල් මිලියන 100 ක් හෝ ඊට වැඩි මූලික ආයෝජනයකින් පැන නඟින රුපියල් මිලියන 50 ක ප්‍රමාණයන්ට අදාළ නඩු විභාග කර තීන්දු කරීම සඳහා ආයෝජන ගැටළු විනිශ්චය සභාව කටයුතු කරනු ඇත.

මීට අමතරව නව බේරුම්කරණ නීතියක් බලාත්මක කිරීමට ද නියමිත බව වාර්තා වේ.

වාණිජ නීති ප්‍රතිසංස්කරණ අනුකමිටුව විසින් පෙන්වා දී තිබෙන්නේ, ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ දේශීය හා විදේශීය ආයෝජන සක්‍රීය කිරීම සඳහා බේරුම්කරණ අදියරේදී මෙන්ම බේරුම්කරණ තීරණ බලාත්මක කිරීමේ අදියරේදී මතුවන ගැටළු විසඳීම සඳහා අදාළ යෝජිත පනතේ ප්‍රතිපාදන යොදාගත යුතු බවයි.

ඒ අනුව, අදාළ නීතිය සකස් කිරීම සඳහා නීතිකෙටුම්පත් සම්පාදක වෙත යොමුකර තිබේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...