පර්ත් නුවරදී ශ්‍රී ලාංකිකයන් හමුවූ ජනපති රනිල්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 09 කොළඹ (LNW): ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර බලා ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 07 වන ඉන්දීය සාගර සමුළුවට එක්වීමට නියමිත අතර පර්ත් නුවරදී ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් හමුවී තිබෙන බවයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, එහිදී ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය, ආර්ථික නවීකරණ සැලසුම් සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කළ බවයි.

එමෙන්ම දේශගුණ විපර්යාස, සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍රයන් මෙන්ම ආර්ථික සංවර්ධනය සඳහා රජයට උදව් කිරීමට කැමති බවද එම හමුවට එක්වූ ශ්‍රී ලාංකිකයින් දන්වා තිබෙන බව සඳහන් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් (Penny Wong) මහත්මිය අතර හමුවක් මීට සුළු මොහොතකට පෙර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී සිදු වී තිබෙන බවඳ සඳහන් වේ.

Penny Wong

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය රොජර් කුක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක්ද මීට සුළු මොහොතකට පෙර ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී සිදුවු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ ගුවන් ගමන් අත්හිටුවීමෙන් සිය ගණනක් විදේශීය සංචාරකයින් සොකෝත්‍රා දූපතේ අතරමං වෙලා..

රෂිකා හෙන්නායක ජනවාරි 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෞදි-එක්සත් අරාබි...

රොෂාන් මැති ද තනි වී ඇත මල මැද්දේ

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පිහාටු මල් ක්‍රීඩාව යනු...

තාක්‍ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ!

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ LNW : වත්තල ප්‍රාදේශීය සභාවේ...

ලසන්ත ඝාතනයට වසර 17යි – යුක්තිය අපේක්ෂාවෙන් අදත් පහන් දැල්වෙයි! (PHOTOS)

කොළඹ LNW: සන්ඩේ ලීඩර් කතෘ,ජ්‍යෙෂ්ඨ මධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට...