*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

“පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය 2024” අද සිට!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 09 කොළඹ (LNW): කර්මාන්ත අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරන “පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය 2024” කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ විය.

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය 9,10 හා 11 දිනවල උදෑසන 10 සිට රාත්‍රී 11 දක්වා මහජනතාව සඳහා විවෘතව පවතින අතර , දේශිය පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව 2007 වසරේදී ප්‍රථම වරට සංවිධානය කරනලද මෙම ප්‍රදර්ශණය මෙවර පැවැත්වෙන්නේ 14 වන වරට වේ.

වෙළඳ කුටි 230 කින් සමන්විත මෙම ප්‍රදර්ශණයේදී මහා පරිමාණ, මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ට තම නිෂ්පාදන ප්‍රදර්ශණය කිරීමටත් අළෙවි කිරීමටත් අවස්ථාව හිමිවේ.

තවද, මෙම ප්‍රදර්ශනයේදී තෝරා ගත් නිෂ්පාදකයින්ගේ විශේෂ සන්නාම 17 ක්ද ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති අතර, ඉන්දියානු පාවහන් නිෂ්පාදකයින් 15 දෙනෙක්ගෙන් සමන්විත විශේෂ ප්‍රදර්ශනාගාරයක්ද ඉදිරිපත්කර තිබෙයි.

රටට විදේශීය විනිමය ඉතිරි කරන පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තය මඟින් දේශිය ආර්ථිකයට ඉතා විශාල දායකත්වයක් ලබා දෙයි. මේ මඟින් ඍජු හා වක්‍ර වශයෙන් රැකියා අවස්ථා ලක්ෂ 3 ක් පමණ සලසා ඇති අතර මහා පරිමාණ සමාගම් 10 ක්, මධ්‍ය පරිමාණ සමාගම් 30 ක් හා සුළු පරිමාණ නිෂ්පාදකයින් 3000 ක් පමණ මෙම ක්ෂේත්‍රයේ නියලී සිටියි.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ප්‍රවර්ධනය කළ හැකි අගය එකතුකළ නිෂ්පාදන ක්ෂේත්‍රයක් ලෙස පාවහන් හා සම්භාණ්ඩ ක්ෂේත්‍රය හදුනාගෙන ඇත.

රටේ පාවහන් අවශ්‍යතාවය යුගල මිලියන 60 ක් පමණ වන අතර මෙම කර්මාන්තයේ සමස්ථ වටිනාකම රුපියල් බිලියන 60 කි.

මෙම වසරේ සිට පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශණයේ ටිකට්පත් අලෙවියෙන් ලැබෙන ආදායමෙන් 50% ක් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන කර්මාන්ත සංවර්ධන අරමුදලට ලබාදීම සදහා ගිවිසුම්ගතවීමද, පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ නවීකරණය කරන ලද වෙබ් අඩවිය ජනගත කිරීමද මෙම ප්‍රදර්ශනයට සමගාමීව ඊයේ (08) සිදු කෙරුණි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan