යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි එරට සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් වැලරින් සලුෂ්නි නෙරපා හරී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 09 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්‍රේන ජනාධිපතිවරයා විසින්  එරට හමුදාපතිවරයා එම තනතුරෙන් නෙරපා හැර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, යුක්‍රේන ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි විසින් එරට සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් වැලරින් සලුෂ්නි නෙරපා හරිනු ලැබ තිබෙන බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, මෑත කාලයේ දී යුක්‍රේනයේ සිදුවූ හමුදා නායකත්වයේ විශාලතම වෙනස මෙය බවයි.

රුසියා යුක්‍රේන ගැටුම් ආරම්භයේ සිට යුක්‍රේන ජනාධිපතිවරයා සහ හමුදා ප්‍රධානියා අතර මත ගැටුම් පැවති බව වාර්තා විය.

ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ හමුදා ප්‍රධානියා අලුත්කළ යුතු බවයි.

කෙසේ වෙතත් ජෙනරාල් සලුෂ්නිට අදාළ භට කණ්ඩායමේ රැදී සිටිය හැකි බවද ඔහු පවසා තිබෙනවා.

මෙතැන් සිට නව කළමනාකරණ කණ්ඩායමක් යුක්‍රේනයේ සන්නද්ධ හමුදාවන්ගේ නායකත්වය භාරගනු ඇති බවද ජනාධිපතිවරයා පවසා ඇත.

කෙසේ වෙතත් හමුදා නායකත්වයෙන් ඉවත් කර ඇති ජෙනරාල් සලුෂ්නි යුක්‍රේන ජනතාව සහ හමුදාව අතර  ජාතික වීරයෙකු ලෙස නමක් දිනා සිටින අයෙක් බව වාර්තාවල දැක්වෙනවා.

ඔහුගේ ජනප්‍රියතාව ජනාධිපතිවරයාට ඉහළ මට්ටමක පවතින බවයි යුක්‍රේන වාර්තා සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ: මොඩියුලර් ගැන නවතම තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දෙවැනි සහ තෙවන පාසල් වාරවලට අදාළ මොඩියුලර්...

අමරිකාවෙන් මෙරටට ලැබෙන අපූරු ප්‍රදානය!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : අමෙරිකා එක්සත් ජනපදය...

ටෙහෙරාන් සහ අනෙකුත් ඉරාන නගරවල දැවැන්ත රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩවම

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය...

හොර සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ගත් අයගේ විශ්‍රාම වැටුප අර්බුදයක – ඇමති වාර්තාවක් කැඳවයි!

කොළඹ LNW:ව්‍යාජ සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ලබාගත් අයගේ විශ්‍රාම...