සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි , 09 කොළඹ (LNW): හෙට (10) දින කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 11,12,13,14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.
හෙට (10) සවස 5.00 සිට පසුදින (11) උදෑසන 8.00 දක්වා පැය 15ක කාලයක් එම ප්‍රදේශවලට ජලය සැපයීම මෙලෙස අත්හිටුවීමට නියමිතයි.
අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතියේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම මෙලෙස අත්හිටටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර සිටී.