දිවයිනට ආ ඉන්දියාවේ අමූල් සමාගමේ නියෝජිතයින් ලොකු වැඩකට අත ගසයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 09 කොළඹ (LNW): පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපොළ පරීක්ෂා කිරීමට ඉන්දියාවේ අමූල් සමාගමේ නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සඳහන් කළේය.

ඔවුන් ඊයේ සිට ගොවිපොළ පරීක්ෂා කිරීම ආරම්භ කළ බව වාර්තා වේ.

මෙම ගොවිපොළවල ඉදිරි සංවර්ධන සැලසුම් එම කණ්ඩායම විසින් සකස් කරනු ඇති අතර ,පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ගොවිපල සංඛ්‍යාව 31 කි. එහි අක්කර 28,000 කට අධික බිම් ප්‍රමාණයක් පවතී. 

ගොවිපොළ අමූල් සමාගමට බදු දීමට පෙර ඒවායේ වටිනකම් තක්සේරු කිරීම ආරම්භ කර ඇති බව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සඳහන් කළ අතර, ඉඩම්වල වටිනාකම තක්සේරු කිරීම් මේ වනවිට 80% කින් පමණ අවසන් කර තිබේ. 

පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේ , එම ගොවිපොළවල සතුන්ගේ වටිනාකම් තක්සේරු කිරීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදු කළ අතර එහි වාර්තාව ජනාධිපති කාර්යාලයට භාරදී ඇති බවයි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පසුගියදා අත්සන් කළ මෙරට දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ගිවිසුමකට අනුව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ගොවිපොළ ඉන්දියාවේ අමූල් සමාගමට බදු දීමට සැලසුම් කර ඇති අතර පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ගොවිපොළ ඉන්දීයාවට බදු දීමට එරෙහිව පසුගිය මාස කිහිපයේ කිරි ගොවීන් අවස්ථා කිහිපයකදීම විරෝධය පළ කළ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...