ගෑස් පෝලිම්වල මිනිස්සු මැරුණු යුගයකුත් තිබුණා. දැන් ගෑස් වෙනුවට විකල්ප දේවල් පාවිච්චි කරන්න – මාලිමා මන්ත්‍රී මංජුල

සටහන – රුවන් නෙළුගොල්ල

රටේ උද්ගතව ඇති තත්වය අනුව මීටපෙර මාසයකදී භාවිතා කළ ඉන්ධන ප්‍රමාණය දැන් මාස තුනක්වත් අරපරිස්සමින් භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික ජන බලවේගයේ නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා පවසයි.

“ගෑස් සැපයුම ගැන ගත්තොත්, මීටපෙර ඔබ දන්නවා යුද්ධයක් ඇතිවෙලා නෙවෙයි – රට ඇතුළෙ ආර්ථික අර්බුදයක් ඇවිල්ලා ගෑස් දෙන්න බැරිව, ගෑස් පෝලිම්වල මිනිස්සු මැරුණු යුගයක් තිබුණා. ඒ වගේම ගෑස් ටැංකි පුපුරලා මිනිස්සු මැරුණු යුගයක් තිබුණා. තෙල් ටික මාසෙ පාවිච්චි කරන එක මාස තුනකට පාවිච්චි කරගන්න. විදුලිය මාසයක් පාවිච්චි කරන එක මාස තුනකටවත් පාවිච්චි කරගන්න. ගෑස් මාසයක් පාවිච්චි කරන්න පුළුවන් එක අරපරිස්සමින් විකල්ප දේවල් පාවිච්චි කරගෙන, සීමාව අවබෝධ කරගෙන බුද්ධිමත්ව කටයුතු කරන්න. පවුල් ලක්ෂ 60ක් ඉන්නවා ලංකාවේ, එක බල්බ් එකක් ඕෆ් කළොත් මොකද වෙන්නෙ ? ඩොලර් ඉතුරු වෙනවා, විදුලිය ඉතුරු වෙනවා, රටේ ආර්ථික අර්බුදයක් නැතිවෙනවා.

මංජුල සූරිය ආරච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (06) බගවන්තලාව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...