අයිස් ගහන පොලිස් කොස්තාපල් තුවක්කුවත් විකුණා රට පැනලා ??

Date:

රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙක් ඩුබායි රාජ්‍යය වෙත පළායාමේ පුවතක් ගල්කිස්ස පොලිස් ස්ථානයෙන් වාර්තා වී තිබේ.

මෙසේ රටින් පළාගොස් ඇත්තේ ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ජේ.ඒ.කේ.ඒ. ජයකොඩි නැමැත්තා ය.

පෙරේදා (08) රාත්‍රියේ කහවිට මාවත අසල මාර්ග බාධකය සඳහා සේවයේ යොදවා තිබී ඇති ඔහු එදින පස්වරු 05.30 ට පමණ T 56 ගිනිඅවියක් සහ උණ්ඩ 30ක් ද රැගෙන ගල්කිස්ස පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇති නමුත් මාර්ග බාධකයේ රාජකාරි සඳහා වාර්තා කර නොමැත.

ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත්ත ද ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු පොලිස් ස්ථානයෙන් පිටව යෑමේදී සටහන් යෙදීම හෝ කාර්යභාර නිලධාරියෙකු දැනුම්වත් කිරීම හෝ සිදුකර නොමැති බවකි.

පසුව සිදුකළ විමර්ශනයෙන් අනාවරණය වී ඇත්තේ ඔහු එදින රාත්‍රී 10.15 ට පමණ කටුනායක ගුවන් තොටුපලින් ඩුබායි රාජ්‍යය බලා පිටව ගොස් ඇති බවයි.

එම පොලිස් කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට අත්තිඩියේ පිහිටි තනිකඩ බට නිවාසයට පැමිණ ඇඳුම් මාරුකර බෙල්ලන්තොට හංදියට ගොස් එතැන් සිට කුලී සේවා සමාගමකට අයත් මෝටර් රථයකින් කටුනායක ගුවන් තොටුපොළට ගමන් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බව සඳහන්.

ඔහු පොලිස් ස්ථානයෙන් රැගෙන ගිය T 56 ගිනිඅවියක් සහ උණ්ඩ 30 මෙතෙක් හමුවී නොමැති අතර ඒවා මුදලට අලෙවි කරන්නට ඇති බවට පොලීසිය සැක පහළ කරයි.

අනුරාධපුර, පේමඩුව, කහැලඹගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 25 හැවිරිදි සැකකාර කොස්තාපල්වරයා මීට වසර තුනකට පමණ ඉහතදී පොලිස් සේවයට එක්ව ඇති අතර ඔහු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවත් විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර ඔහු විදෙස්ගතව සිටින පාතාල කල්ලි සාමාජික බඩෝවිට අසංක නැමැත්තා ඇතුළු පාතාල කණ්ඩායම් කිහිපයක් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවත් පොලීසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...