ඕනෙ කෙනෙකුට 200ට, 250ට වුණත් වී ගන්න පුළුවන්. මමත් හොඳ වන්නි බයියෙක් – ඇමති නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සාමාන්‍යයෙන් වී කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 117.70ක් විය යුතු වුවත් රජය තවත් රුපියල් දෙකයි ශත තිහකුත් එකතු කර ගොවි ජනතාවට රුපියල් 120ක මිලක් ගොවි ජනතාවට ලබාදී ඇති බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“වී කිලෝ එකක් වෙන්න ඕනෙකම තියෙන්නෙ රුපියල් 117.70 යි. අපි තවත් රුපියල් දෙකයි ශත තිහක් එකතු කරලා තියෙනවා, ගොවියා වී ටික වේලලා ගබඩාවට අරන් එන එකට රුපියල් 120 කළා. ඒ මිලට වැඩියෙන් කොහෙහරි ගොවි ජනතාවට වී විකුණන්න පුළුවන්කමක් තියෙනවා නම් විකුණන්න. ඒකට ඉඩකඩ දීලා තියෙනවා. ඕනෙ කෙනෙකුට වී කිලෝ එකක් රුපියල් 200 ට වුණත් ගන්න පුළුවන්, ප්‍රශ්නයක් නෑ. 250 ට වුණත් ගන්න පුළුවන්, ප්‍රශ්නයක් නෑ. හැබැයි හාල් දෙන්න ඕනෙ මිලක් තියෙනවා. ඒ මිල පනින්න බෑ”

ප්‍රශ්නය – ඔබතුමාට ලස්සන නමක් දාලා තියෙනවා “බුරම්පි” කියලා …

“ඒ ගම්වල ඉතින් ඉන්නවානෙ … ඇසිලින් අම්මලා ඉන්නවා, ජොසපින් අම්මලා ඉන්නවා, සියාතු මාමලා, බුරම්පි මාමලා, අප්පුහාමි මාමලා …. අනේ ඉතින් අපි වන්නි බයියොනෙ. මේ කතා කරන මමත් හොඳ වන්නි බයියෙක්. ඉතින් එහෙම කිව්වායි කියලා අපි කම්පනයට පත්වෙන්නෙ නෑ”

අමාත්‍ය නාමල් කරුණාරත්න මේ බව පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...