*
Tuesday, February 11, 2025
spot_img

Latest Posts

සිංහ ධජය වෙනුවට ඔටු ධජයක්…?

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 10,(LNW)කොළඹ :

ශ්‍රී ලංකා රග්බි නිලවරණය ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණයේ දී එකඟතාවය මත පැවත්වෙමින් තිබියදී කල් දැමීම සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලියන ලිපියට,මේ වන විට දිස්ත්‍රික් උසාවියේ එම නිලවරණ කමිටුවට එරෙහිව ලසිත ගුණරත්න විසින් ලබා ගත් වාරණය බල පා නැති බව ඔහුගේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිපියෙන් පැහැදිළි වේ.එම වාරණය සම්බන්ධයෙන් ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වහාම දිස්ත්‍රික් උසාවියට කරුණු දැක්වීමට සහ අභියාචනාධිකරණයට කරුණු දැක්වීමට රටේ නීතියට යටත් පුරවැසියෙකු විදිහට මෙන්ම නීතිය සම්බන්ධයෙන් අවබෝධයක් තිබිය යුතු හිටපු උසස් හමුදා නිලධාරියෙකු මෙන්ම මහාචාර්යවරයෙකු ලෙස ද නොදැන සිටි බව කියන්නට නොහැකිය.


එහෙත් ඒ වගකීම් කිසිවක් ගැන අවධානය යොමු නොකොට ක්‍රියාත්මක වෙමින් තිබුණු නිලවරණය කල් දැමීමට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තීරණය කර ඇත්තේ ආසියානු රගර් සභාපතිවරයාගේ තීරණය පාදක කරගෙනය.ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට අයත් අභියාචනාධිකරණයේ ඇති කර ගත් එකඟතාවයක් මත ක්‍රියාත්මක වෙමින් තිබුණු රගර් නිලවරණ ක්‍රියාවලිය ගැන ආසියානු සභාපතිවරයා බලපෑම් කරන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාම දක්වා සිටින පරිදි ජනවාරි 8 දා ය.දින 10 ට පසු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එම දින 10 ඇතුළත අභියාචනාධිකරණයට කරුණු වාර්තා කර එම ලිපිය පදනම් කරගෙන නිලවරණය නැවත්වීමට හෝ කල් දැමීමට අවසර නොගෙන මේ ගත් ක්‍රියා මාර්ගය නිසා අධිකරණයට අපහාසයක් කර තිබෙන බව මේ වන විට අධිකරණයට වාර්තා වී ඇත.


අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වත්මන් අමාත්‍යවරයා ද ගත් විට ඇමතිවරු තිදෙනෙක් යටතේම එම තනතුරේ සිටිමින් කටයුතු කර ඇත.ඒ නිසා ආසියානු සම්මේලනයට හෝ ලෝක සම්මේලනය රටේ පවතින රගර් ව්‍යවස්ථාව වෙනස් කරන්නට බලපෑම් කරන විට පවතින ව්‍යවස්ථාවෙන් බලය හිමි කොටස් ඊට එකඟ නැතිනම් එම ගැටළුව විසදීමට දෙපාර්ශවය අතර මැදිහත්කරුවෙකු වීමට හැකිය.එහෙත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පුදුම උනන්දුවක් ඇත්තේ ආසියානු සම්මේලනයේ සභාපතිවරයාගේ ලිපිය අනුව වැඩ කර ව්‍යවස්ථාව වෙනස් කිරීම සිඳු කර නිලවරණයක් පැවත්වීමටය.
මෙසේ ව්‍යවස්ථා වෙනසෙන් රටේ සිව් අතට බලය විසිර තිබෙන රගර් පරිපාලනයේ ක්‍රියා බලය කොළඹ නගරය,මහනුවර නගරය කේන්ද්‍රව පවතින ඒ ක්‍රීඩා සමාජවලට පැවරීමට අපේක්ෂා කරන්නේය.එසේ විසිරී පැතිරී තිබෙන පරිපාලන බල ව්‍යහුය හකුලා දමන්නට රටක් හැටියට ජාත්‍යන්තරය ඉදිරියේ එකඟ විය හැකිද? මේ සිඳු වෙමින් පවතින්නේ එයය.


*පළාත් සංගම් මත බලය පැවරී ඇති වත්මන් ව්‍යවස්ථාවට සියලුම ඒ ශ්‍රේණියේ ක්‍රිඩා සමාජ අයත්ය.
*එක් අවස්ථාවක දී හැරෙන්න පළාත් සංගම් හරහා බලයට පැමිණි සභාපතිවරුන්ද ඒ ශ්‍රේණියේ ක්‍රීඩා සමාජ නියෝජනයන්මය.
*මෙවර නිලවරණයට ද ඒ ශ්‍රේණියේ ක්‍රීඩා සමාජවල අපේක්ෂකයෝ ඉදිරිපත්ව ඇත.
මේ තත්ත්වය ඇත්තය.එය ක්‍රීඩා අමාත්‍යවරයාට ද,අමාත්‍යංශ ලේකම්වරයාටද පරික්ෂා කරන්නට හැකිය.එසේනම් මේ ආසියානු මැදිහත්වීම සිඳුවන්නේ ශ්‍රී ලංකාවේ රගර්වලට කරන ලද හානි වෙනුවෙන් මේ දක්වා කිසිඳු ක්‍රියා මාර්ගයක් නොගත් නිසා ආසියානු වගකීම් දක්වා උසස් වූ නිලධාරීන්ගේ උවමනාව මත පිහිටා ඒ අයට පවතින ව්‍යහුය ඇතුළතින් එල්ල වෙන අප්‍රසාදය නිසා බලයට ඒමට නොහැකි බැවින් ඔවුන් වෙනුවෙන් පාර කපන්නටය.ඒවා සවිස්තරව පවසා ඇත.නැවත නැවත ක්‍රීඩා අමාත්‍යංශයේ මුනින් හරවන ලද කළයට වක්කර වැඩක් නැත.මේ සියල්ල සිඳු වූ ඉතිහාසය රාජපක්ෂ ක්‍රීඩා බලපෑම ඇති ඉතිහාසය බවත්,එම බලය පැවති මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පදනම සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නට කතා කළ ඇමතිවරයාම,ඔවුන්ට පාවඩ එලන තත්ත්වයට පත් කරන්නට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් කටයුතු කර ඇත.


දැන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාම මැදිහත්ව ව්‍යවස්ථාව වෙනස් කරවන්නට හදන හේතුව කවරක් විය හැකිද? පවතින ව්‍යවස්ථාවට අනුව,රටේ නීතියද පිළිගන්නේ එයනම් ඒ අනුව කටයුතු කර එම ව්‍යවස්ථාව අනුව පත්වන පරිපාලනනයට ලෝක සම්මේලනය සහ ආසියානු පරිපාලනය සමඟ එම කරුණ විසඳාගන්නට හැකිය.
ඇති වී තිබෙන තත්ත්වය ආසියානු ඔලිම්පික් කමිටුව සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවටද පිටපත් යන ලෙස ආසියානු රගර් වෙත සහ ලෝක රගර් වෙත දන්වා යවන්නට නොහැකි ඇයි.පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකාවේ නීතිය පසිඳලන ආයතන පවතින ව්‍යවස්ථාව යටතේ නිලවරණය පවත්වා එහි අවශ්‍යය සංශෝධන කිරිම සඳහා කලාපීය සංගමය සහ ජාත්‍යන්තර සම්මේලනය සමඟ සාකච්ඡා කර සුදුසු ආකාරයට එය සකස් කර ගැනීමේ අවස්ථාව පවරන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නොපවසන්නේ ඇයි?


මේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ හිටපු රොෂාන් රණසිංහ අමාත්‍යවරයාම හිටපු රගර් පරිපාලනය ආසියානු සභාපතිවරයාගේ උවමනාවට විසුරුවා හැර,ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රීඩා කිරීමට ඇති අවස්ථාව අනතුරේ දැමීය.අවසානයේ ක්‍රීඩා ඇමතිවරයාට ද,ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ද කොකා පෙන්නා ශ්‍රී ලංකා කණ්ඩායම නොමැතිව තරග කාල සටහන පවා සකස් කිරීමට කටයුතු කිරීමෙන් පසුව ආසියානු ඔලිම්පික් ප්‍රධානීන් මැදිව ආසියානු රගර්වලට දැඩි බලපෑමක් කර ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා රගර් කණ්ඩායම ඇතුළත් කරන්නට සිඳුවීමය.ඒ නිසා ගිණිපෙනෙල්ලෙන් බැට කෑවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සිටින්නේ තමන්ගේ බලය පළාත් සංගම් ඉදිරියේ පෙන්වා ඔවුන්ට රිදවීමේ උවමනාවෙන් සහ ආසියානු සභාපතිට වැඳ නමස්කාර කරගෙනය.
මේ සිඳුවීම්වල ප්‍රතිපලය කවරක් විද? ආසියානු ක්‍රීඩා උළෙල 2024 ට පෙර පැවති අවස්ථාවේදී ශ්‍රී ලංකාව සිටියේ සිව්වන තැනය.පදක්කමක් ලබා ගැනීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය තරගවල ඉතිහාසයේ හොඳම දස්කමද පෙන්වා සූදානම්ව සිටියදී ආසියානු සභාපති සහ ශ්‍රී ලංකාවේ ඇමති,නිලධාරි ඇතුළු පිරිසක් එක්ව කරන ලද්දේ එම වැඩපිළිවෙලට හරස් වීමය.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුව පමණක් නොව පුහුණු පහසුකම් ද නිවැරදිව නොලැබිණ.ඒ අනුව පදක්කම් බලාපොරොත්තුව සේදි ගොස් ශ්‍රී ලංකාව සිව්වන තැනින් පහතට වැටුණු අතර ආසියානු සභාපතිගේ මව් රට ඉහළට පැමිණියේය.


මේ කිසිඳු කාරණයක් ලංකාවේ වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාට සංවේදී වන බවක් පෙනෙන්නට නැත.ඔහු ඔලිම්පික් ලේකම්වරයා ඉවත් කළ ආකාරයට කළ යුත්තේ ලංකාවේ අධිකරණයේ නියමය පරිදි නිලවරණය පවත්වා එම ගැටළුව ප්‍රජාතන්ත්‍රවාදීව විසඳා ගැනීමට පත්වන ජාතික සංගමයට පැවරීම සහ ආසියානු රග්බි පරිපාලනයට සහ ජාත්‍යන්තර රග්බි පරිපාලනයටත් ජාත්‍යන්තර සහ ආසියානු ඔලිම්පික් පරිපාලනවලටත් ඇති වී තිබෙන තත්ත්වය දැණුම් දීමය.ඒ ආකාරයට මේ ප්‍රශ්නය ලිහා ගත හැකි බවට අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට අත්දැකිම් ඇතත් මේ මොහොතේ ඒ ආකාරයට ඔහු කටයුතු නොකරන්නේ ඔහුගේ උවමනාව එය නොවන නිසාය.
ඇමතිවරයාට මෙන්ම ආණ්ඩුවටද මේ ප්‍රශ්නයේදි පේන අසන්නට වී ඇත්තේ ද හොරාගේ අම්මාගෙන් විය හැකි තත්ත්වයක් ද දකින්න ඇති නිසා සමහර විට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ඉදිරියට පිටියට බැසිය යුත්තේ සිංහ ධජය රැඟෙන නොව එයට සිංහයා වෙනුවට ඔටුවෙකු ඇතුළත් කර බව ද කිව හැකි මට්ටමට ආසියානු ආක්‍රමණය මේ වන විට බලවත්ව ඇත.මෙය අතිශයින් කණගාටුදායක තත්ත්වයකි.මේ හරහා සිඳුවෙමින් පවතින රටේ විසිරෙමින් පැතිරෙමින් තිබෙන රගර් නියඟයට හසුව කේඩෑරිව නගරයේ තැන් කිහිපයක නෂ්ටාවශේෂ සේ දැකිය හැකි අනාගතයක මේ සඳහා මේ මොහොතේ පාර කපන අය ජීවත්ව නොසිටියත්,ඔවුන්ගේ පරම්පරාවලින් පැවත එන අයටත් රගර් ඉතිහාසය දන්නා ක්‍රීඩාලෝලීන් හෙන ඉල්ලනු සැක නැත.


මේ සමඟ මේ වන විට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිලවරණය කල්දැමීමට පාදක කරගන්නේ ආසියානු සභාපතිගේ ලිපිය බවත්,ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ලෙස මෙරට අධිකරණයේ එකගතා නොසළකා හරින්නට,අධිකරණයට දැණුම්දීමක් කර,එහි එකඟතාවයක් ලබාගෙන නැති බවත් පැහැදිළි කරන ලිපියද මේ සමග ඉදිරිපත් කරමි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan