අධිකරණය මඟහැරීම හේතුවෙන් හිරුණිකාට අද ලැබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ (LNW):

කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් අද (10) කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි සැකකාරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය. මෙම සිද්දිය 2022 වසරේදී සිදු වූ සිදුවීමකි

අද (10) දින අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවේ කැඳවනු ලැබීය. 

එම අවස්ථාවේදී මෙම පැමිණිල්ලේ සැකකාරියන් වශයෙන් නම්කර සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කිහිපදෙනෙකු අධිකරණයේ පෙනී සිටි නැති බව සඳහන් වේ.

ඒ අනුව අදාළ සැකකාරියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය වරෙන්තු නිකුත් කළ බව පැවසේ.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාරියන් 11 දෙනෙකු මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිට ඇති අතර, පැමිණිල්ල ඉදිරිපත් කළ කුරුඳුවත්ත පොලීසිය සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇති බවය. 

ඒ අනුව නීතිපති උපදෙස්වල ප්‍රගතිය ජුනි මස 30 වන දා අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය පොලීසියට නියම කළ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...