කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ (LNW):

අද (10) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් සිදුව තිබේ. ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,566.27 ක් දක්වා ඒකක 168.41ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 4,959.45 ක් දක්වා ඒකක 32.69 ක පහළ බැසීමක් වාර්තා කළේය.

සෙලින්කෝ හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් මිල දිනය තුළ 5.98% කින් පහළ යාම මෙන්ම LOLC හෝල්ඩිංග්ස්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, DFCC බැංකුව සහ එයිට්කන් ස්පෙන්ස් යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැඩීමට වැඩි වශයෙන් හේතු වී තිබූ බව වාර්තා වේ.

දිනයට සාපේක්ෂව පූර්ව ගනුදෙනු සමාගම් 148ක කොටස් මිල ගණන් අද දින පහළ ගොස් තිබුණු අතර මිල ඉහළ ගොස් ඇත්තේ සමාගම් 52ක පමණි. අද දින රු. බිලියන 2.07 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබේ. එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.99 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.96ක් ලෙසින් සටහන්ව ඇති අතර විදේශීය මිල දී ගැනීම් අද දින රු. මිලියන 74 ක් තරම් ඉතා පහළ අගයයක් විය. අද දින විදේශීය විකිණුම් වාර්තා වූයේ රු. මිලියන 109 ක් ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...