සටහන – රුවන් නෙළුගොල්ල
ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල ප්‍රාදේශීය සභාවේ 2027 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්ව තිබේ.
ඊයේ (04) දිනයේදී පැවති ඡන්ද විමසීමේදී එම අයවැයට විරුද්ධව ඡන්ද 17ක් ලැබී තිබුණු අතර ඊට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 14ක් පමණි.
තණමල්විල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 16ක් හිමිව ඇති අතර සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට ආසන 18ක් හිමිව ඇත.
ඊයේ පැවති ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අසනීප හේතුවෙන් සභාවට පැමිණ නොසිටි අතර විපක්ෂයේ එක් මන්ත්‍රීවරයකු ද පැමිණ සිටියේ නැත. එමෙන්ම සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති මන්ත්‍රීවරියක් ද ඊයේ දිනයේදී සභාවට පැමිණ නොසිටි බව සඳහන්.


