එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ජනපති අනුර හරසරින් පිළිගනී!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ (LNW):

පෙබරවාරි 11 සිට 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුඵව (WGS)- 2025ට සහභාගී වීම සඳහා මෙරටින් බැහැරව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස අද (10) පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා විය. 

එහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි මහතා ඇතුළු රාජ්‍ය නියෝජිතයන් විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබිණි.

මෙම පිළිගැනීමේ අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැඩබලන තානාපති තක්ෂිලා ආර්නෝල්ඩා, ඩුබායි සහ උතුරු එමීරයන් සඳහා වන ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් ඇලෙක්සි ගුණසේකර ඇතුළු ඩුබායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක්ද සහභාගි වූහ. 

අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි හමුවීමට නියමිතය. 

ජනාධිපති මාධ්‍ය අංශය පැවසූවේ, මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආර්ථික හා ආයෝජන සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති බවයි. පසුව ජනාධිපතිවරයා ඩුබායිහි පිහිටා ඇති සුප්‍රසිද්ධ අනාගත කෞතුකාගාරයේ පැවැත්වෙන ‘TIME 100 Gala Dinner’ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ඇති වූ...

ඉතිහාසයේ පළමු වරට 2025 දී ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය වාර්තා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා­වට නිද­හස ලැබී­මෙන් පසු වාර්තා...

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...