දේපළ හානිවලට වන්දි ගත්ත මැති ඇමතිවරුන්ගේ වත්කම් ගැන විමර්ශනයක් ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

Date:

කොළඹ LNW:2022 අරගල සමයේ හානි වූ නිත්‍ය හා චංචල දේපල වෙනුවෙන් මැති ඇමතිවරු ලබාගත් වන්දි මුදල්, ඔවුන් ලබා දී ඇති වත්කම් බැරකම් ප්‍රකාශ සමඟ ගැළපෙන්නේ ද යන්න පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් අද (10) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඒ, අපේ පරපුර පක්ෂයේ සභාපති සිදම්බරම් කරුණානිදි මහතා විසිනි.

මෙම වන්දි ලබාගැනීම ගැන මේ වන විට සමාජයේ විවිධ මත ප්‍රචාරය වෙමින් පවතින අතර එවකට එම දේපළ තක්සේරු කිරීමේදී ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යම් යම් බලපෑම් එල්ල වී ඇති බවට ද මේ වන විට සමාජය තුළ කතාබහක් මතුව තිබෙන හෙයිනේ එම සියලු කරුණු පිළිබඳව නිසි සොයා බැලීමක් කරන ලෙසයි ඔහු සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ.

උපරිම වන්දි සීමාවද ඉක්මවා ලක්ෂ සිය ගණනින් වන්දි මුදල් සැබෑ පදනම මෙන්ම එහි නීත්‍යානුකූලභාවය කුමක්ද යන්න පිළිබඳවත් ඔහු විමසීමක් කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය ත්‍යාගය නිසා ශ්‍රී ලංකා යුද හමුදාවට මසකට රු. මි. 1.5ක මුදලක ඉතිරියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW : ඉන්දීය යුද හමුදාපති...

අභාවප්‍රාප්ත හිටපු පා.ම. නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු ලබන 21 දා..

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW : අද (18) අලුයම...

පාකිස්තානයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ කරච්චි නුවර...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්...