දේපළ හානිවලට වන්දි ගත්ත මැති ඇමතිවරුන්ගේ වත්කම් ගැන විමර්ශනයක් ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:2022 අරගල සමයේ හානි වූ නිත්‍ය හා චංචල දේපල වෙනුවෙන් මැති ඇමතිවරු ලබාගත් වන්දි මුදල්, ඔවුන් ලබා දී ඇති වත්කම් බැරකම් ප්‍රකාශ සමඟ ගැළපෙන්නේ ද යන්න පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් අද (10) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඒ, අපේ පරපුර පක්ෂයේ සභාපති සිදම්බරම් කරුණානිදි මහතා විසිනි.

මෙම වන්දි ලබාගැනීම ගැන මේ වන විට සමාජයේ විවිධ මත ප්‍රචාරය වෙමින් පවතින අතර එවකට එම දේපළ තක්සේරු කිරීමේදී ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යම් යම් බලපෑම් එල්ල වී ඇති බවට ද මේ වන විට සමාජය තුළ කතාබහක් මතුව තිබෙන හෙයිනේ එම සියලු කරුණු පිළිබඳව නිසි සොයා බැලීමක් කරන ලෙසයි ඔහු සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ.

උපරිම වන්දි සීමාවද ඉක්මවා ලක්ෂ සිය ගණනින් වන්දි මුදල් සැබෑ පදනම මෙන්ම එහි නීත්‍යානුකූලභාවය කුමක්ද යන්න පිළිබඳවත් ඔහු විමසීමක් කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...