2022 අපි දුන්න නිර්දේශ ක්‍රියාත්මක කළා නම් ඊයේ වුණ සිද්ධිය වෙන්නේ නැහැ – ජනක රත්නායක

Date:

කොළඹ LNW:ඊයේ (09) මුලු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සිදු වූ විදුලිය බිද වැටීම ආකාරයේම විදුලිය බිද වැටීමක් මීට පෙර 2021 වසරේ දෙසැම්බරයේ දීත් 2023 වසරේ දෙසැම්බරයේත් සිද්ධ වූ අතර 2021 විදුලිය බිඳ වැටීමේදී ඒ සම්බන්ධයෙන් හේතු වූ කරුණු සොයා බලා එවැනි බිඳවැටීමක් සිදුනොවීමට නිර්දේශ ඉදිරිපත් කළද ලංකා විදුලි බල මණ්ඩලය එය නොසලකා හැර තිබෙන බව මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයෙකු වන ජනක රත්නායක මහතා පවසයි.

2021 වසරේ දෙසැම්බරයේ දී සිද්ධ වූ එම පළමු විදුලිය බිද වැටීමෙන් පසුව 2022 වසරේ මාර්තු මාසයේ දි ඊට හේතු වූ කරුණු පිළිබදව සොයා බැලීම සදහා තමන් මහජන විභාගය සිද්ධ කළ බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මේ දක්වා ලංකා විදුලි බල මණ්ඩලය විසින් ක්‍රියාත්මක අකර නොමැති බවයි ජනක රත්නායක මහතා පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලය ඉතාම ඉහළ ලාභයක් වාර්තා කරමින් තිබියදීත් එකී නිර්දේශ නොතකා හැරීම පුදුම සහගත යැයි ජනක රත්නායක මහතා කියාසිටියි.

නොරොච්චෝලේ බලාගාරය විශාල අළුත්වැඩියාවක් සිදු කළ යුතු මට්ටමකට හානි වී ඇත්නම් තවත් බලාගාර රැසක් මේ වන විට ජාතික පද්ධතියට එක්කර නොමැති වීම හේතුවෙන් ඉදිරි සති දෙක තුන ඇතුළත අඛණ්ඩ විදුලිය කප්පාදුවකට යාමට සිදුනු ඇතැයි ඔහු තවදුරටත් පවසයි. .

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංගලදේශයෙන් ආ ආධාර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : අද දින(03) පස්වරුවේ...

දවස් දෙකයි – බදුල්ලේ විනාශ වූ මාර්ග 165න් 111ක් අලුත්වැඩියා කර අවසන්!

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ ආපදා හේතුවෙන්...

මේ අයවැය එපා. අලුත් එකක් ගෙන්න – සජිත් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපතට පත් ජනතාවට සහන දීම සඳහා පවතින...

රජයේ වාහන 40ක් අවභාවිතා කරලා – වීරවංශට වරෙන්තු!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු...