කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් අද (10) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
සියලුම රැකියා විරහිත උපාධිධාරීන් වෙත රැකියා ලබා දීමට මැදිහත්වන ලෙස එහිදී රජයට බල කරන ලදී.
පළාත් 09ම ආවරණය වන පරිදි ඊට පිරිස් සහභාගී වී සිටි අතර විරෝධතාවට පැමිණි සිටි පිරිස අතරින් 10 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් එහි නිලධාරියෙක් මුණගැසී සිය ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දීමට රජයේ පාර්ශවයෙන් කටයුතු කළේය.
ඒ අනුව ඉදිරිපත් කිරීමට නියමිත අයවැය වාර්තාව මඟින් රැකියා විරහිත උපාධිධාරී බඳවා ගැනීමට අදාළ මුදල් වෙන් කිරීමට කටයුතු යොදා ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාල විරෝධතාකරුවන්ව දැනුවත් කර ඇත.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න




සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
