වහා රැකියා ලබාදෙනු – රැකියා විරහිත උපාධිධාරීන් උද්ඝෝෂණයේ! (PHOTO STORY)

කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් අද (10) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

සියලුම රැකියා විරහිත උපාධිධාරීන් වෙත රැකියා ලබා දීමට මැදිහත්වන ලෙස එහිදී රජයට බල කරන ලදී.

පළාත් 09ම ආවරණය වන පරිදි ඊට පිරිස් සහභාගී වී සිටි අතර විරෝධතාවට පැමිණි සිටි පිරිස අතරින් 10 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් එහි නිලධාරියෙක් මුණගැසී සිය ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දීමට රජයේ පාර්ශවයෙන් කටයුතු කළේය.

ඒ අනුව ඉදිරිපත් කිරීමට නියමිත අයවැය වාර්තාව මඟින් රැකියා විරහිත උපාධිධාරී බඳවා ගැනීමට අදාළ මුදල් වෙන් කිරීමට කටයුතු යොදා ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාල විරෝධතාකරුවන්ව දැනුවත් කර ඇත.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...