අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

Date:

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තරුණයකු මරුමුවට පත්ව තිබේ.

අද (10) අලුයම කයිට්ස් පොලිස් වසමේ අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේදී සැක කටයුතු වෑන් රථයක් නැවැත්වීම සඳහා මෙලෙස පොලිසිය විසින් සංඥා කර ඇති අතර එම වෑන් රථය අණ නොතකමින් මණ්ඩතිව් දෙසට ධාවනය කර ඇත.

එම අවස්ථාවේ මණ්ඩතිව් මාර්ග බාධකය පරීක්ෂාව සඳහා ගොස් අල්ලපිඩ්ඩි දෙසට ගමන් කරමින් තිබූ කයිට්ස් පොලීසියේ ස්ථානාධිපතිගේ ජීප් රථයට මේ බව දැනුම් දී ඇති අතර ඒ අනුව ජීප් රථය එම වෑන් රථය නවත්වා ගැනීම සඳහා උත්සාහ කළද එය තවදුරටත් නොනවත්වා පලා යාම හේතුවෙන් පොලිසිය අහසට වෙඩි තබා රථය නවතා ගැනීමට උත්සාහ කළත් වෑන් රථය නොනවත්වා පළා ගිය බවයි පොලීසිය පවසන්නේ.

ඒ අනුව, වෑන් රථය නවත්වා ගැනීම සඳහා ඊට වෙඩි තැබූ බවත් එහිදී තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවත් පොලීසිය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ වඩුකෝට්ටෙයි ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකි.

වෑන් රථයේ පිටුපස ආසන ගළවා ඉවත් කර තිබී ඇති බවත් වෑන් රථයේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සිට ඇති අතර ඔවුන්ව කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බවත් පොලීසිය පවසයි. ඔවුන් දෙදෙනා නල්ලූර් සහ වඩුකෝට්ටෙයි ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...