ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 19, කොළඹ LNW :

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරලාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සැලසුම් කළ පරිදි පැවැත්වීම සතුටට කරුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දෙයි. ඒ අනුව ජනාධිපතිවරයා සිය ‘ X ‘ ගිණුමේ සටහනක් තබමින් සිය ස්තූතිය පළකර ඇත.

“අපි හැමෝම ආදරය කරන ක්‍රීඩාව දිගටම කරගෙන යාම සහතික කිරීම ගැන අගමැති අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතාට ස්තූතියි. කොළඹදී පැවැත්වෙන T20 ක්‍රිකට් ලෝක කුසලානයේ දී උනන්දුවෙන් බලා සිටි ඉන්දියාව සහ පාකිස්තාන තරගය සැලසුම් කළ පරිදි සිදුවීම ගැන සතුටුයි.

තරඟාවලියේ සම සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව @ICC සහ අදාළ සියලු දෙනාගේ උත්සාහයට ස්තූතිවන්ත වෙනවා. ආරක්ෂක හේතූන් මත අනෙක් අය කොළඹදී ක්‍රීඩා කළ අවස්ථාවේදී, 1996 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්තානය යන දෙපාර්ශ්වයම පෙන්වූ සහයෝගීතාවය ශ්‍රී ලංකාව අමතක කර නැහැ” ලෙස සටහනක් තබා ඇත.

මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගය සඳහා සහභාගී වන ලෙස පාකිස්තාන රජය එරට ක්‍රිකට් කණ්ඩායමට දැනුම්දී තිබුණි.පාකිස්තාන රජය සිය නිල X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ නියමිත කාලසටහනට අනුව පෙබරවාරි මස 15වන දින ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරගය සඳහා පිටියට පිවිසෙන ලෙස ජාතික ක්‍රිකට් කණ්ඩායමට දැනුම්දී ඇති බවය. ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කිරීම සහ සහභාගී වන සියලු ජාතීන්ට මෙම ගෝලීය ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහාය වීමට මෙම තීරණය ගෙන ඇති බව පාකිස්තානු රජය පෙන්වාදී තිබුණි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා විසින් නිල වශයෙන් ඒ පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම්දී ඇත.ලබන 15 වන දින කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගය වර්ජනය කරන ලෙස පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට එරට රජය විසින් මීට පෙර දැනුම්දී තිබුණි. එවන් පසුබිමක ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරගය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් ඊයේ (09) පස්වරුවේ පවත්වා තිබුණු බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Bad Bunnyට එල්ල වන මඩ ප්‍රහාර වලින් මතුවන පොදු සමාජ කතිකාවත!

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): මෑත සතිවලදී, සමාජ...

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...