පොහොර හිඟයකුත් එයි. යූරියා නිකුත් කිරීම වී ගොවිතැනට සීමා කරයි

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට තුළ යූරියා පොහොර තොග සීමිත ප්‍රමාණයක් පැවතීම හේතුවෙන් වී වගාව සඳහා පමණක් යූරියා පොහොර ලබාදීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව පවතින තත්ත්වය හමුවේ මේ වසරේ යල කන්නයේ වගා කටයුතු සඳහා වී වගාවට පමණක් අමිශ්‍ර යූරියා පොහොර තොග ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා පමණක් නිකුත් කිරීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් දිවයිනේ සියලු ගොවි ජන සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

පොහොර නිකුත් කිරීමේදී ඒ ඒ ගොවීන් වගා කරනු ලබන භූමි ප්‍රමාණය අනුව අවශ්‍ය පොහොර ප්‍රමාණය පමණක් නිකුත් කිරීමට සියලු ගොවි ජන සංවර්ධන නිලධාරීන්ට දැනුම් දී ඇත.

පොහොර ගොවීන් වෙත නිකුත් කිරීමේදී කන්න රැස්වීම්වල තීරණ මත හෝ වී වගා කරන බවට තහවුරු වීමෙන් අනතුරුව දත්ත පද්ධතියට තොරතුරු ඇතුළත් කරන ලද ගොවීන්ගේ තොරතුරු පාදක කර ගනිමින් අදාළ වගා භූමි ප්‍රමාණය සැළකිල්ලට ගනිමින් මෙලෙස ගොවීන්ට යූරියා පොහොර නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ඒ අනුව පවතින පොහොර තොග කළමනාකරණය කර ගනිමින් 2026 යල කන්නයේ වී වගා කටයුතු බාධාවකින් තොරව සිදුකර ගැනීමට කටයුතු කරන ලෙස ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව සියලු ගොවි ජන සංවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අපට පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ, අපට ඇත්තේ පොදු අරමුණක්”- අගමැති හරිනි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඉලක්ක: අපේක්ෂිත සීමාවන් ඉක්මවා ගිය සැප්තැම්බර් ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

මුලතිව් මහ රෝහලේ යටිතල පහසුකම් සහ සේවා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට කඩිනම් පියවර…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : උතුරු පළාතේ මුලතිව්...