සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ දත්ත සංගණනය පිළිබඳ ප්‍රගති සමාලෝචනයක්

Date:

සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ දත්ත සංගණන කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

රටේ වත්මන් ආර්ථික අර්බුදයත් සමඟ පීඩාවට පත් වූ හා අඩු ආදායම්ලාභීන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය සහන කඩිනමින් සලසා දීම මෙහි අරමුණ වී ඇත.

සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේදී විනිවිදභාවයෙන් යුක්තව එම ප්‍රතිලාභ ලැබිය යුතු තැනැත්තන් හඳුනාගැනීම හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලේඛනයක් නිර්මාණය කිරීම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ ප්‍රමුඛ කාර්යය වී තිබේ.

දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි මෙම දත්ත සංගණනය සිදු කෙරෙන අතර දැනට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23ක සංගණන කටයුතු අවසන් කර ඇති බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය කෙරිණි.

එළඹෙන අඟහරුවාදා පැවැත්වෙන දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සම්මේලනයේදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව ද සඳහන් විය.

සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා ලෝක බැංකුවේ පූර්ණ සහාය හිමිව ඇති අතර අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම ද සිදු කෙරේ.

නිරතුරුවම ලෝක බැංකු නියෝජිතයන් සමඟ සම්බන්ධ වෙමින් මෙම වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස සාගල රත්නායක මහතා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර් .එච්. එස් සමරතුංග මහතා ද, ලෝක බැංකුවේ මෙරට කළමනාකරු, චියෝ කන්දා (Chiyo Kanda) ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් (Richard Walker) යන මහත්ම මහත්මීහු ඇතුළු ලෝක බැංකු නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශය ඇතුළු රේඛීය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව කොවිඩ් ප්‍රභේදයේ පැතිරීම සහ දැනට වාර්තා වී ඇති මරණ ගැන දැනුම් දීමක්

සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට රට පුරා පැතිර යන...

ඌව පරණගම රහස් ඡන්දයක් පවත්වයි. බලය මාලිමාවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ බලය ජාතික...

ආසියානු සටනට යන වෙරළ වොලිබෝල් යෞවනයන් තේරීම ජූනි 25 දා මීගමුවේදී

නිශ්මං රණසිංහ ජුනි 12, කොළඹ LNW: ඔක්තෝම්බර් 22 සිට 31...

W15 හෝටලයට වෙඩිතැබීම : ඇන්ස්ලම් ද සිල්වා නෙවිල් ද සිල්වාට එරෙහිව සාක්ෂි දෙයි !

වැලිගම W15 හෝටලයට වෙඩිතැබීමට නියෝග කළේ එවකට කොළඹ අපරාධ...