පාස්පෝට් කන්තෝරුවට අතිරේක පොලිස් ආරක්ෂාවක්

Date:

බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලයට අතිරේක පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් මෙසේ අතිරේකව අනුයුක්ත කර ඇති බව සඳහන්.

එම ස්ථානයෙහි විවිධ අක්‍රමිකතා සිදුවන බවට ලැබුණු පැමිණිලි අනුව ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් සිදුකළ ඉල්ලීමක් මත එම අතිරේක පොලිස් කණ්ඩායම අනුයුක්ත කර ඇති බවත් වාර්තා විය.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ලබන සඳුදා සිට ආරම්භ වීමට නියමිත බැවින් එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත් ලබාගැනීමට පැමිණෙන්නන්ගේ විශාල තදබදයක් එම කාර්යාල පරිශ්‍රයෙහි මේ දිනවල පවතින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...