මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

Date:

ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් සැලසුම් කර ඇති පරිදි 2023 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත.

ජාතික මැතිවරණ කොමිසම ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා කිරීමට බැඳී සිටින බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇත. තවද, පළාත් පාලන මැතිවරණය නීතියට අනුව පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම දැනටමත් භාරගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නියෝග අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය.

විශ‍්‍රාමික ශ‍්‍රී ලංකා යුද හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරෙන සූදානම බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අයදුම්පතක් ගොනුකර තිබිණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමාජිකයින්, මුදල් ලේකම්, අග්‍රාමාත්‍යවරයා, කැබිනට් ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

ඊට අමතරව ඉහත කී පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා SJB ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් විසින් අයදුම්පත් ගොනු කරනු ලැබුවා. තවද, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර ප්‍රියදර්ශන යාපා සහ ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් විසින් පෙත්සම් ගොනු කර තිබුණා. ඊට අමතරව අතරමැදියන් ලෙස නීතීඥ සුනිල් වටගල, එරංග ගුණසේකර සහ වී. චන්ද්‍රසේකරන් විසින් පෙත්සම් ගොනු කර තිබුණි. ඒ අනුව ඉහත සඳහන් අයදුම්පත් ඉදිරියට ගෙන නොයෑමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.

පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය සියලු මූල්‍ය සහ අනෙකුත් පහසුකම් ලබාදීමට අදාළ සියලු පාර්ශ්වවලට නියෝග කරන ලෙස ජාතික මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මඟින් පසුගියදා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...

අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග...

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 66 දෙනෙකු මිය යයි – UNICEF

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධය අතරතුර...