පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමන ලෙස ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල්වරයකු විසින් ගොනුකර ඇති පෙත්සමේ විභාගය පෙබරවාරි 23 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියම කළේය.
රටේ පවතින බරපතළ ආර්ථික අර්බුදය හමුවේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බැවින් එම ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසමට රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණේ විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්. එම්. ආර්. විජේසුන්දර විසිනි.
RN