හිටපු ජනාධිපති, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්රීපාල සිරිසේන මහතා අද (10) අළුයම දකුණු කොරියාව බලා පිටව ගොස් තිබේ.
දකුණු කොරියාවේදී පැවැත්වෙන 2022 ලෝක සාම සමුළුවේ ප්රධාන ආරාධිත දේශනය පැවැත්වීම සඳහා ඒ මහතාට ආරාධනා ලැබී ඇත.
මේ අතර ඊයේ දිනයේදී ඒ මහතා මෙරට දකුණු කොරියානු තානාපති Woonjin JEONG මහතා හමුවී ලෝක සාම සමුළුව සම්බන්ධයෙන් මෙන්ම කොරියාවේ සහ ශ්රී ලංකාවේ වත්මන් තත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පවත්වා තිබිණි.
RN