සමන් රත්නප්‍රියටත් දැන් තියෙන්නේ මං වගේ නිවන් දකින්න – වෛද්‍ය බෙල්ලන (VIDEO)

0
439

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිවරයා ලෙස වර්තමානයේදී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සෞඛ්‍ය වැඩවර්ජනවලට එරෙහි වුවද ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජන කරන කාලය තුළ වැඩවර්ජන සඳහා සහය දී තිබෙන බවට ඊයේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය වෙනුවෙන් සමන් රත්නප්‍රිය මහතා එල්ල කළ චෝදනාවට අද (10) වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

එහිදී බෙල්ලන මහතා පවසන්නේ තමන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කළේ අවසන්වරට 2003 වසරේ වන අතර එවිට තමන් එහි උපසභාපතිවරයා ලෙස කටයුතු කළ බවත් එම කාලය තුළම වැඩවර්ජන කිරීම වැරදි දෙයක් බවට ඥානය පහළ වීම නිසා තමන් එයින් ඉවත් වූ බවයි.

ඒ අනුව තමන් මීට වසර 20කට පමණ පෙර එම අසාධාරණ වැඩවර්ජන වලින් මිදුණු හෙයින් සමන් රත්නප්‍රියට කීමට ඇත්තේද දැන්වත් වැඩවර්ජනවලින් මිදී තමන් මෙන් රෝගීන්ගේ යහපත් වෙනුවෙන් කටයුතු කරන ලෙස යැයි බෙල්ලන මහතා කියාසිටියේය.

ඒ අනුව දැන් හෝ සමන් රත්නප්‍රියට නිවන් මඟ සලසා ගත හැකි බවයි හෙතෙම සඳහන් කළේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here