*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

නිසල වුණ පිහාටු මල

ඇය නමින් ඕෂධි පූර්ණිමා කුරුප්පු වූවා ය.ඇය දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවකි.එහෙත් ඇය ඇයගේ හොඳම කාලය එන්නට පෙර ලියුකේමියා විසින් සිය වසඟයට ගත්තේය.එතැන් පටන් ඇය ක්‍රීඩා පිටියේ නොදැක්කාය.ඕෂධි හිටියනම් හොඳට ගහන්න තිබුණා යන්න පමණක් අපේ සිතු තුළ නඳ දුන්නා පමණි.

ඕෂධි 2016 වසරේදී දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ගුවහාති පැවති තරගාවලිය නියෝජනය කරමින් රිදි පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සාමාජිකාවක වූවා ය.එසේම ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2017 ගිම්හාන සරසවි කීඩා උළෙලද නියෝජනය කළාය.ඉනික්බිති ඇය ලියුකේමියා රෝගය විසින් බැඳ තැබූ නිසා යළිත් බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක ලෙස දකින්නට නොලැබුණාය.

ක්‍රීඩාව හා ලංකාව සැබැඳෙන තැන් හී බොහෝ අය අඩුවක්ව දකින දැණුම ඕෂධි විසින් අතික්‍රමණය කර තිබිණ.ඇය සබරගමුව සරසවියේ ක්‍රීා විද්‍යාව සහ කළමනාකරණය පිළිබඳව ගෞරව උපාධිධාරිණියක්ය.එය ක්‍රීඩාවම විද්‍යාත්මකව හදරා කළමනාකරණය සම්බන්ධයෙන් වීම ජාතික මට්ටමේ ක්‍රීඩිකාවකගෙන් අනාගතයට ලැබිය හැකි දේ සම්බන්ධ බලාපොරොත්තු ඇති කරන්නක්ය.
කොළඹ විශාකා විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ සිටම පියෙන් පිය ජාතික තලයේ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක වන්නට අවශ්‍යය පසුබිම සකස් කර ගත් ඕෂධි කුරුප්පු අවසානයේ සිය සියලු හැකියාවන් පමණක් නොව,ජීවිතයද ලියුකේමියා රෝගයට රැගෙන යන්නට අවසර දුන්නාය.වසර 27 ක ගෙවුණු ජීවිතය තුළ ඇය දුටුව සිහින යථාර්තයෙන් මෙපිටය.ඇය සම්බන්ධයෙන් ඇයගේ දෙමව්පියන් තැබූ සිහිනද එලෙසමය.ක්‍රීඩිකාවක ලෙස මෙන්ම ඇය දැන උගත් තැනත්තියක ලෙස ද ක්‍රීඩාවට එකතු කරන්නට තිබූ දේ ද බොහෝය.එහෙත් ඒ කිසිවක් යළි සිතන්නට නොහැකිය.ඇය යන්න ගොස් ඇත.

පෙණුමෙන් මෙන්ම ක්‍රියාවෙන්ද ශක්තිවන්තියක වූ ඇයට මරණය හමුවේ සිය ශක්තිය දෙවැනි කරන්නට වූවාය.පරිස්සම් වෙන්න ඇය අපේ ජීවිතයට පණිවිඩයක් දී නික්ම ගොස් අවසන්ය.පූර්ණිමා පූර්ණත්වයට මෙපිටින් සැඟව යන්නේ සමාජයට ජීවිතය පූර්ණත්වයට පත් කර ගන්න අවශ්‍යය සිතුවිලිවලට ඉඩ හසර සකසමින්ය.තරගය පිටියෙන් පිටත නැත.ඉන් පිට ඇත්තේ ජීවිතය ගැන තරගයය.එහි ප්‍රතිවාදියා විය යුත්තේ තමාමය.තමාගේ නරක තමාගේ හොඳින් පරදන්න.ඕෂධි කියා දි යන්නේ එබන්දක්ය.

රටේ ක්‍රීඩාවට ඔබ බොහෝ දේ ලබා දෙන්නට සිටි බව අපි දනිමු.ඒ ලබා දුන් දේ ට වඩා බොහෝ බව ද අපි සිතමු.පිටියේ හැඩකාර ක්‍රීඩා රටාවට බොහෝ අය ආදරය කරේ ඔවුන් එයින් ලද වින්දනය නිසාය.ඒ සියල්ල ලංකාවේ බැඩ්මින්ටන් වෙනුවෙන් ලබා දුන් සහ ලබා දෙන්නට පොදි බැඳන් හිටි සිතුවිලි වෙනුවෙනුත්………….
ඕෂධි!

ඔබට බොහොම ස්තූතියි.
ඔබ රැගෙන ගියේ බොහෝ දේ දුන් ණය නැති ජීවිතයක්ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan