සාර්ථක ගමනාන්තයක්

Date:

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සක්‍රිය ගුවන්තොටුපොළක් බවට පත් කිරීමේ රජයේ ක්‍රියාමාර්ග පුළුල් කෙරේ.

මෙම ගුවන්තොටුපොළෙන් ජාත්‍යන්තර ගුවන් සේවා ආරම්භ කිරීමට ලොව ප්‍රමුඛ පෙලේ ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බව සංචාරක කටයුතු අමාත්‍යවරයා පවසයි.

පසුගිය වසරේ දී මත්තල ගුවන්තොටුපොළේ මගී මෙහෙයුම් 32,957 ක් සිදුවී තිබේ. ගුවන් යානා මෙහෙයුම් සංඛ්‍යාව 722 කි. ඉන් 584 ක් ම ජාත්‍යන්තර ගුවන් යානා මෙහෙයුම් වීම විශේෂත්වයකි.ඉදිරියේ දී ගුවන් මෙහෙයුම් වැඩි වීමත් සමඟ ගුවන්තොටුපොළේ පහසුකම් තවදුරටත් වැඩි කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පවසයි.

මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ ආරම්භ වූයේ 2013 වසරේ මාර්තු 18 වනදාය. එම වසරේදී ගුවන් මගී මෙහෙයුම් 36,137 සිදුවී ඇත. ගුවන් යානා මෙහෙයුම් සංඛ්‍යාව 520 කි.

යහපාලන සමයේදී එහි මෙහෙයුම් අඩාල වූ අතර එහි වී ගබඩා කිරීමට ද යහපාලන රජය පියවර ගනු ලැබීය.

2020 නොවැම්බර් මාසයේ දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පැමිණීමෙන් පසු ගුවන් තොටුපොළ විදේශීය සංචාරක ගමනාන්තයක් දක්වා රජය පියවර ගනු ලැබීය.

මේ අවස්ථාව වන විට මෙරට කොවිඩ් තත්ත්වය සාර්ථක ලෙස මර්ධනය කරමින් සිටින මොහොතේ රජය වැඩි වශයෙන් උනන්දු වන්නේ සංචාරක කර්මාන්තය දෙසටය. එයින් අප රටට විශාල විනිමය ප්‍රමාණයක් ලැබෙන අතර රටේ විවිධ පැතිකඩක් හරහා විශාල රැකියා ප්‍රමාණයක් ද ජනිත වේ. මෙම සංචාරකයන්ගේ පැමිණීම විශාල වශයෙන් මත්තල ගුවන්තොටුපොළ හරහා ද සිදුවේ.

මෙම වසරේ පෙබරවාරි 06 වනදා දක්වා සංචාරක පැමිණීම් 101,340 බව සංචාරක අමාත්‍යාංශය පවසයි .

පෙබරවාරි මාසයේ මුල් දින 06 තුළදී පමණක් දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 19,013 කි. මේ වසරේ වැඩිම සංචාරකයන් පැමිණීම සිදුව ඇත්තේ රුසියාවෙනි. එම සංඛ්‍යාව 16,369 කි. යුක්‍රේනය , ඉංදියාව , බ්‍රිතාන්‍ය , ජර්මනිය යන රටවල් වලින්ද විශාල සංචාරක පිරිසක් පැමිණ ඇත .

රට සාර්ථක ලෙස ගමන් අරඹා ඇති මේ මොහොතේ වගකිවයුතු ජනතාවක් ලෙස එන්නත්කරණයට සහයෝගය ලබා දී රටේ ඉදිරි ගමන් මගට සහයෝගය ලබා දෙන්න…..

Sponsored Article
රෂිකා සඳමාලි හෙන්නායක
2022.02.10

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...