මානව පොසිල නව මානයකට

Date:

දකුණු ප්‍රංශයේ ගුහාවක තිබී දරුවෙකුගේ යැයි සැලකෙන පොසිල වූ දත් සහ ගල් මෙවලම් සොයාගැනීමෙන් පෙනී යන්නේ හෝමෝ සේපියන්ස් මීට වසර 54,000 කට පමණ පෙර බටහිර යුරෝපයේ සිටි බවයි.

මෙම පර්යේෂණය Science Advances සඟරාවේ පළ කර ඇත.ටූලූස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලුඩොවික් ස්ලිමාක් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම සොයා ගැනීම් සොයාගනු ලැබුවේ රෝන් නිම්නයේ Grotte Mandrin ලෙස හඳුන්වන ගුහාවකිනි.

ඒවා මුල් නූතන මානව ජනාවාසයක සාක්ෂි විය.නියැන්ඩර්තාල්වරු යුරෝපයේ බිහි වූයේ ඈත අතීතයේ ය. එනම් වසර 400,000 කට පෙරයි.

දැනට පවතින න්‍යාය අනුව ඔවුන් වඳ වී ගියේ මීට වසර 40,000කට පමණ පෙර, අප්‍රිකාවේ සිට හෝමෝ සේපියන්ස් මහාද්වීපයට පැමිණ වැඩි කල් ඉක්ම නොගිය පසුබිමකයි.

නමුත් නව සොයාගැනීමෙන් පෙනී යන්නේ මෙම නව විශේෂය බොහෝ කලකට පෙර පැමිණි බවත් නියැන්ඩර්තාල් වඳ වී යාමට පෙර මෙම විශේෂ දෙක වසර 10,000 කට වැඩි කාලයක් යුරෝපයේ සහජීවනයෙන් දිවි ගෙවා ඇති බවත්ය.

නමුත් ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ මහාචාර්ය ක්‍රිස් ස්ට්‍රිංගර්ට අනුව, මෙම නව මතයට අභියෝග කරයි, එනම් මෙම සොයා ගත් නව විශේෂය ඉක්මනින් නියැන්ඩර්තාල්වරුන් යටපත් කළ බවයි.

පුරාවිද්‍යඥයින් විසින් එම ස්ථානයේ ස්ථර කිහිපයකින් යුත් පොසිල සාක්ෂි සොයා ගත්හ. ඔවුන් පහළට කැනීම් සිදුකරන තරමට, ඔවුන්ට ඒ පිළිබඳව සාක්ෂි හදුනාගත හැකි විය.

පහළම ස්ථරවලින් පෙන්නුම් කළේ වසර 20,000 ක් පමණ එම ප්‍රදේශය අත්පත් කරගත් නියැන්ඩර්තාල්වරුන්ගේ නටබුන් ය.

නමුත් ඔවුන්ව පුදුමයට පත් කරමින් කැණිම් කණ්ඩායමට වසර 54,000කට පමණ පෙර ස්තරයක තිබී නියැන්ඩර්තාල් මානවයන් හා සම්බන්ධ නොවන ආකාරයෙන් සාදන ලද ගල් ආයුධ කිහිපයක් සමඟ නවීන මිනිස් දරුවෙකුගේ දතක් සොයා ගැනීමට ද හැකි විය.

සාක්ෂි වලින් පෙනී යන්නේ මෙම මුල් මානව කණ්ඩායම සාපේක්ෂව කෙටි කාලයක් එම ස්ථානයේ ජීවත් වූ අතර, සමහර විට ඔවුන් ඉන් වසර 2,000 කට පමණ පසුව එම ස්ථානය ජනාකීර්ණ නොවු ස්වභාවයකට ලක් නොකල බවයි.

නමුත් ඉන් වසර 44,000 කට පමණ පෙර නූතන මානවයන් නැවත පැමිණෙන තෙක් නියැන්ඩර්තාල්වරු තවත් වසර දහස් ගණනක් එම ස්ථානයේ රැඳි සිටින්නට ඇත.

තවත් ප්‍රධාන සොයාගැනීමක් වූයේ දරුවාගේ දතට සමාන ස්ථරයක තිබී සොයාගත් ගල් මෙවලම් නූතන මිනිසුන් හා සම්බන්ධ වීමයි.

ඒ ආකාරයෙන්ම සාදන ලද මෙවලම් වෙනත් ස්ථාන කිහිපයකින් එනම් රෝන් නිම්නයේ සහ ලෙබනනයේ ද සොයාගෙන ඇත.

නමුත් මෙතෙක් විද්‍යාඥයන් ඒවා සෑදුවේ කුමන මානව විශේෂයන්දැයි නිශ්චිතව හඳුනාගෙන නොතිබුණි. සමහර පර්යේෂකයන් අනුමාන කරන්නේ මේවා කුඩා මෙවලම් කිහිපයක් බවයි.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...