SLTDA සභාපති කිමාලි අදත් අධිකරණය මඟහරි – නඩුව යළි සඳුදා කැඳවීමට නියෝග

Date:

රියල්ටි ලෙෂර් (පුද්) සමාගම (Lanka Realty Leisure (Pvt) Ltd) විසින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ පවරා තිබෙන නඩුව අද (10) දින කැඳ වූ අතර අධිකරණයේ නියෝගයක් උල්ලංඝනය කරමින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු ඇතුළු වගඋත්තරකරුවන් අධිකරණයේ පෙනී සිටිය යුතු වුවත් ඔවුන් අද දින අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඒ අනුව නඩුව එළඹෙන 14 වනිදිනට කල් තැබුණු අතර එදිනට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු,එහි අධ්‍යක්ෂ ජනරාල් සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි නියෝග කෙරුණේ.

යාල ප්‍රදේශයේ සංචාරක වශයෙන් වැදගත්කමක් ඇති දේපලක් බදු දීමක් සම්බන්ධයෙන් රියල්ටි ලෙෂර් (පුද්) සමාගම (Lanka Realty Leisure (Pvt) Ltd) විසින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට එරෙහිව මෙම නඩුව පවරා තිබෙන අතර අධිකරණය විසින් ලබා දුන් අතුරු ඉන්ජක්ෂන් තහනම් නියෝගය උල්ලංඝනය කරමින් එම ඉඩම තෙවන පාර්ශවයකට බදු දුදීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කටයුතු කිරීම මතයි රියල්ටි ලෙෂර් (පුද්) සමාගම යළිත් මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවට පැමිණ ඇත්තේ.

මෙහිදී මොසමක් මාර්ගයෙන් චූදිතයන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වා සිටි අතර අධිකරණයට අපහාස කිරීමේ විමර්ශනයට 2022.03.16 දින අධිකරණයේ පෙනී සිටීමට 2වන චූදිතයා වන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනියට නොහැකි බවත් එයට හේතුව ලෙස ඇය 2022.03.02 සිට 2022. 03. 20 දක්වා විදේශ ගතවීමට නියමිත බවයි.

පැමිණිලිකාර පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න මහතා ඊට තරයේ විරෝධය පළකරමින් ප්‍රකාශ කර සිටියේ චූදිතයන් අධිකරණය ඉදිරියේ පෞද්ගලිකව පෙනී නොසිට මෙවැනි ඉල්ලීමක් කිරීමට ජනාධිපති නීතීඥවරයාට නීතියේ ප්‍රතිපාදනයක් නොමති බවයි.

තවද අධිකරණයට අපහාස කිරීම බරපතල අපරාධ චෝදනාවක් බවත්, මෙම චූදිතයන් පුන පුනා අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම අධිකරණය‌ට තවදුරටත් අපහාස කිරීමක් බවත්ය. විශේෂයෙන්ම දිසා අධිකරණය විසින් මේ වන විටත් 2022.02.02 නියෝගය ප්‍රකාරව පැහැදිලිවම නියෝගය සදහන් කර තිබෙන විටක මෙලෙස අධිකරණය මගහැරීමට අවස්ථාව ලබා නොදිය යුතු බවය.

නීතීඥ ප්‍රේමතිරත්න මහතා නියෝගයේ සදහන් පහත පරිච්ඡේදය ගරු අධිකරණයට කියවා සිටියේය.

”ඉහත සදහන් කළ පරිදි අධිකරණය‌ට අපහාස කිරීමේ නීති කෘතීන් අපරාධ නීති කෘතීන් බැවින්, සිතාසි නිකුත් කර ඇති විට සිතාසියේ සදහන් දින චූදිතයා පුද්ගලිකව අධිකරණයේ පෙනී සිටිය යුතුය. නීතිය ඉදිරියේ සියලුදෙනා එක සමාන බැවින් චූදිතයාගේ තරාතිරම කුමක් වුවත්,එම නීතියට ගරුකළ යුතුය. කෙසේ වෙතත්, සිතාසි ලැබීමෙන් පසු සිතාසි වාර්තා කැදවීමට නියමිතව තිබූ 2021.05.24 සිට පෙර චූදිතයන් වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතා මගින් 2021.05.10 වන දින පෙරකලාසියක් ගොනුකරමින්,චෝදනාව සහ සිතාසිය අභියෝගයට ලක්කිරීමට හැකි බවට ලද නීතීඥ උපදෙස් ලබාදී ඇති බව පෙනී යන බැවින් චූදියන්ට එරෙහිව වරෙන්තු නිකුත් කිරීම සුදුසු නොවන බව මෙම අධිකරණයේ නිගමනයයි.
ඒ අනුව, පහත සදහන් නියෝග නිකුත් කරමි,

(ඇ) 2021.02.29 දින නිකුත් කර ඇති සිතාසිය පරිදි 1,2,3,4 යන වගඋත්තරකාර චූදිතයන්ට එහි සදහන් චෝදනාවට පිළිතුරු දීම සදහා 2022.03.16 වන දින අධිකරණයේ පුද්ගලිකව පෙනී සිටීමට නියෝග කරමි.”

මෝසම නැවතත් කරුණු තහවුරු කිරීමට එළඹෙන 14 වැනි දින කැදවන ලෙසත් 2 වන චූදිතයා රටෙන් පිටවී යනවා නම් අධිකරණය ඉදිරියේ පෙනීසිට අවසර ලබා ගන්නා ලෙසටත් දන්වා සිටින ලදී.

පැමිණිලිකරු වෙනුවෙන් නීතීඥ ජුලියන් ප්‍රදීප් මහතාගේ උපදෙස් මත නීතීඥ විකුම් ජයසිංහ,නීතීඥ ප්‍රවි කරුණාරත්න සමග නීතීඥ නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න මහතාද වගඋත්තරකරු වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත නීතීඥ හරීත් ඩිමෙල් සමග ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාද පෙනී සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...